Sunday, October 13, 2019

කොමෙන්ට්ස් නැති කවියක්


වැස්ස හොඳයි හෙම්බිරිසාව හැදෙන්නෙ නැත්තං

                         - ඈ එවූ කෙටි පණිවිඩයකින්


වැස්සක් කියන්නෙම
ආදරේකට නිමිත්තක්

එකතු වූ දෙසිතක් මවන්නෙම
කිවිසුමක් ඇහැරවපු නින්දක්

සෙම්ප්‍රතිශ්‍යාවක් කියන්නෙම
මතකයන් මහ කන්දක්

ආදරේ ඉස්මොල්ලෙ ගියහැටි
උගන්නන එක විදිහක්

ගසක් යට ප්‍රේමයක් ගුලිකොට
හුදකලා පෙම්වතා වෙන්නද

අදක් නැති හෙට දවස වෙනුවෙන්
විශාකාවක් වෙන්න බැරිමද

මේ තරම් නම් නොසැලකිල්ලක්
හැරී ආපසු යන්න යන්නෙද

කොමෙන්ට්ස් නැති කවියකට මේ හැටි
ආදරේ තවරන්නෙ මොකටද?

** ** ** ** ** **

වැස්සක් කියන්නෙම
ආදරේකට නිමිත්තක්

කවියක් කියන්නෙම
පළිගන්න හොඳ ම විදිහක්


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

2 comments: