මත්වී පයින් තුරු වලින් හා දිගු හාදු වලින්,
ගිම්හානය මෙන්, මෙහෙයවමි රෝසමල් වේගී රුවල්,
සිහින් දවසක නැමී මරණය දෙස,
මා උග්‍ර සමුදුරු උමතුවෙහි ඇලෙනෙමි.
මගේ හාමත් දියමත හබල්ලමි සුදුමැලිව,
නිරුවත් දේශගුණයේ ඇඹුල් සුවඳට මුසුව සරන්නෙමි ඔබ මොබ,
තවමමත් අළුපැහැති තිත්ත ස්වරයන් සමග
අත් හළ දිය විසුරුමක සෝබරම මුද්‍රාව පැළඳගෙන.
ලලාසාවෙන් බරව, හුදකලා එකම රළ මත නැගෙමි,
සඳු හිරුද - උණුසුමත් සීතලත් එක් වරම පැන නැගුණු,
ඉමිහිරිය, ශ්වේතවන් ගැවසි සිහිල්ලැල් බඳෙ‘ව්
වාසනාවන්ත දිවයින් උගුර මත නිවෙමි
විදුලි ධාරා සමග ආරෝපිතව - උමතුවට
තෙතබරිත රැයේදී සලිතවේ මගේ හාදුමය සළුව,
වික්‍රමාන්විතම ලෙස බෙදී යන සිහින වල
මත්ගැහුණු රෝස මල් රංගනයකය - ඒ මා මතම
උඩුගං බලා ඇදෙන පිටත දිය රළ අතර
ඉක්මනින් හා සෙමෙන් නුබ කුසෙහි ශක්තියෙන්
ආත්මයෙ සදාතන බඳින ලද මසෙකු ලෙද
ඔබෙ සමාන්තර සිරුර යටත්වෙයි මගෙ දෑත් යුග අසල