‘‘අන්න අර ඈත තියෙන රට පේනවා නේද උඹලාට. ඕක ඔහොම තිබ්බට ඉතාම සශ්‍රික රටක්. ඕකේ ඕන තරම් ධන ධාන්‍ය, බව බෝග, රන් රිදී තියෙනවා, මුතු මැණික් තියෙනවා. ලස්සන ගෑනු ඉන්නවා. උඹලා ඒ රට පරාජය කළාට පස්සේ ඒ සියල්ල අයිති උඹලාට. උඹලා ඒවා බෙදාගනින්. මට ඒ කිසිවක් එපා. මට ඕන ඒ ප්‍ර දේශය අත්පත් කරගන්න විතරයි...‘‘
ඉතිං මේ නිලධාරීන් තමන් යටත් ඉන්න සෙබලුටත් ඒ න්‍යායම භාවිත කරනවා. කර කන්ද උඩදී සෙබලුන්ට ඈත තියෙන ඒ එට පෙන්නලා කියනවා,
‘‘අන්න අර ඈත තියෙන රට පේනවා නේද උඹලාට. ඕක ඔහොම තිබ්බට ඉතාම සශ්‍රික රටක්. ඕකේ ඕන තරම් ධන ධාන්‍ය, බව බෝග, රන් රිදී තියෙනවා, මුතු මැණික් තියෙනවා. ලස්සන ගෑනු ඉන්නවා. උඹලා ඒ රට පරාජය කළාට පස්සේ ඒ සියල්ල අයිති උඹලාටයි අපිටයි. අධිරාජ්‍යා කීවා ඒවා අපි ලබාගන්නවාට උන්නාන්සෙ විරුද්ධ නෑ කියලා...‘‘
ඉතිං සෙබළු කොහොම හරි මැරීගෙන යුද්ධ කරනවා. අන්තිමට ඒ රට අල්ල ගන්නවා. රට අල්ලාගත්තාම උඩම ඇවරිය රජ්ජුරුවන්ට. දෙවෙනි ඇවරිය යුධ සෙන්පතියන් සහ ප්‍රභූවරුන්ට. ඒ විතරක් නෙමෙයි හමුදා සෙබළුන් ඇතුළු නිළධාරීන්ටත් යට ඇවරියක් දෙනවා පොරොන්දු වුණා වගේම ඔවුන් ඒ රටේ සම්පත් කොල්ලකනවා. රට ගිනිබත් කරමින් සතුටු වෙනවා. පිරිමි මරණවා. ස්ත්‍රීන් හා ළමයි දූෂණය කරනවා. මේ විදිහට හැමෝටම බෙදන නිසා වැඩෙත් සාර්ථකව යනවා. විරෝධයකුත් නෑ. හැබැයි රටයි රටේ ජනතාවයි නැත්තටම නැතිවෙනවා. මේ වගේ අවස්ථාවක ඇත්ත තත්ත්වය කොහොමද කියලා තේරුම්ගන්න නැපෝලියන්ටත් සියවස් ගණනකට පෙර සිටි මහා ග්‍රීක නාට්‍ය කරුවකු වන යුරිපිඩීස්ගේ (Euripides) The Trojan Women නාට්‍යය බැලුවා හෝ කියෙව්වානම් හොඳටම ඇති.
ලංකාවේ නූතන ගැලවුම්කරුවා කියලා ඇතැම් අය සලකන ධම්මික පෙරේරා ඉන්නෙත්, මැද ඇවරියක් නෙමෙයි උඩම ඇවරියක් කන ටොප් ලේයර් එකේ තමයි. පාලකයින් තමන් වෙත මේ රට දේශපාලනිකව හා දෘෂ්ටිවාදාත්මකව මංකොල්ල කෑමට ඒ අයව යොදාගන්නවා. තමන් වෙත විශාල ජන විරෝධයක් එද්දී ඒක තාවකාලිකව බේරගන්න මේ අයව හිටිවනම අහසින් බට ගැලවුම්කරුවන් සේ ගෙන්වා ගන්නවා. හැබැයි ඒ නැපෝලියන් කළා වගේ ම ඒ අයට හිතුමතේ රට මංකොල්ල කන්න ඉඩ දීලා. ඒ වගේම මේ ස්ථරය තමන්ට යට සිටින ස්ථරයටත් ඒ දේම කරනවා. ඒ කොහොමද කියලා පස්සේ කියන්නම්.
ධම්මික පෙරේරලා රට ගොඩ දාන විදිහ ගැන හිතාගන්න, කොවිඩ්කාලේ මුළු රටම වැටෙද්දී එයාගේ ආදායම් වැඩිවීම, රතුපස්වල සිද්ධිය, ලංකාවට කුණු ගෙන්වීම, කැසිනෝ වගේ උදාහරණවලට යන්න ඕන නෑ. මෙ මොහොතේ රටේ ඇතිකරලා තියෙන ටයිල්ස් මාෆියාවම ඇති.
මේ අය, අද වනවිට ටයිල්ස් ඇතුලු දේවල ඒකාධිකාරිය තමන් අතට අරන්, රට පුරා ඊනියා ටයිල්ස් හිගයක් ඇති කරලයි තියෙන්නේ. ඒ මේ ද්‍රව්‍ය සීයට සීයක් ලාභය තියාගෙන විකුණන්නමින් සිටියදී පවා.
මේ අයගේ ඇතැම් ආයතනවලින් ටයිල්ස් පාරිභෝගිකයා ඒවා ඕඩර් කරලා බාගයක් සල්ලි බඳින්න ඕන. ඒ සල්ලි බැඳලා අපි මාස 10ක් 11ක් යනකන් බලන් ඉන්න ඕන. ඒවා ලැබෙන්න අවුරුද්දක් විතර යයි කියනවා. හැබැයි සමහර විට කොම්පැණියේ ටයිල්ස් නැති වුණාට එළියේ කළුකඩවල තියෙනවා!! අන්න ඒක තමයි නැපෝලියන් තියරිය දෙවැනි ස්ථරයට වැඩ කරන තැන.
යිල්ස් අධික මිළ යටතේ තම ආයතනයේ විකුණනවාට වඩා වෙනත් බාහිර කළුකඩකාරයින්ට දීලා තවත් මිළ වැඩිකරලා විකුණලා ඒ අයටත් ලාභයක් අරං දෙන්න මේ අය කටයුතු කරනවා. ඒකයි කම්පැණියේ නැති ටයිස්ල් කළුකඩවල තියෙන්නේ. මතකනේ නැපෝලියන්ගේ සෙනවියෝ රට අල්ලගෙන සම්පත්වල උඩම දේවල් මංකොල්ල කෑවේ සෙබලුන්ටත් අතමිටින් ගිලිහෙන දෙයක් දීලා කියලා. ඉතිං ඒ සෙබලු තමයි කළු කඩ කාරයෝ. ඒ විදිහේ ක්‍රමයෙකට තමයි ආර්ථික විද්‍යාෙව් trickle down theory කියලා කියන්නේ.!!
හැබැයි ධම්මිකලා මේ සිද්ධියේදී කරන්නේ තම යටතේ සිටින හිතවතුන්ට වාසි අරං දෙන එක විතරක් නෙමෙයි. ඒ අය බොනපාර්ට් ට වඩා මේ විෂයේදී ගොඩක් ඉදිරියෙන් තමයි ඉන්නේ. ටයිල්ස් ඇතුළු භාණ්ඩවල මිළ අති විශාල අයුරින් වැඩිකරලා, එහෙම උනත් කම්පැණියේ ගන්න නැති කරපුවාම කළුකඩ කාරයෝ වැඩි කරපු මිළත් දෙගුණ කරලයි විකුණන්නේ. ඉතිං පාරිභෝගිකයෙක් කම්පැණියට ගිහින් ටයිල්ස් මිළ අහලා, කළු කඩේ අහද්දී ගොඩක් වැඩි බව වැටහුණාම ඒ අය හිතන්න ගන්නවා ධම්මිකලා හරි ධාර්මික මිනිස්සු කියලා. මොකද කළු කඩේ ගණන් අහද්දි අර අසාධාරණ වැඩිකිරිල්ලයි ටයිල් හිගයයි හැම දේම ඒ අයට අමතක වෙනවා.
අනික් කාරණය තමයි, මේ ධාර්මික ටයිල් ව්‍යාපාර ප්‍රදර්ශනාගාරවල හිටිගමන් තියෙන ටයිල් කැටය දෙක වුණත් ගන්නවානම් නිකං ගන්නත් බෑ, ටයිල් මෝටා, ග්‍රවුට් ඔක්කොම එතනින් ගන්න ඕන. හරියට පහු ගිය දවස්වල කිරි පැකට් ගන්නනම් යෝගට් ගන්න ඕන කිව්වා වගේ !!
බොහෝ විට යම් පාරිභෝගිකයෙක් තම අවකාශයේ ප්‍රමාණය ලබාදුන් පසු, අදාල ආයතනවල වැඩ කරන අය නිවැරදිව ටයිල්ස් ඇතුළු අමතර උපාංග ප්‍රමාණය ගණනය කරන්නනේ නෑ. එක්කෝ වැඩියෙන් දෙනවා. නැත්තං අඩුවෙන් දෙනවා. වැඩි නම් ආපහු මුදල් ගන්න බෑ. හදිසියේ මාරු කරනවානම් මාසයක් ඇතුළත මාරු කරන්න ඕන. ඒත් පෙට්ටි වශයෙන්. ඒ මාරු කරද්දි වෙනම සේවා ගාස්තු අය කරනවා. අලුත් මිළ කියලා තවත් වැඩි මිළක් අය කරනවා. ඒ කරලත් උන්ගේ රෙස්පට් බලන්නත් ඕන. හරියට අපි දිග පළලට යන කැට ගාණ ගණන් කරලා වැඩිපුර ඉල්ලලා වගේ.
ඒ විතරක් නෙමෙයි මේ ධාර්මිකයින් විකුණන ආනයනික භාණ්ඩවල මිළත් ඒ විදිහමයි. ඒ ගොල්ල බ්‍රෑන්ඩ් කරපු Coloma කොමඩ් එකක් විතරක් රුපියල් ලක්ෂයක් විතර, Swisstek බාත්රූම් දොරක් 65000ක් විතර. Coloma සහ Swisstek වල ඒජන්ත අදාල සමාගම්. ඒවායේ වැඩ කරන සමහර මිනිස්සුම කියන විදිහට, දැන් ටික කාලෙකට කළින් ඕවගේ මිළ සෑහෙන අඩුයි. ඒ වගේම ඉස්සරහට ඕවා තවත් වැඩි වෙනවා දවසින් දවස.!
ඉතිං අවසානයේ අහන්න තියෙන්නේ මෙච්චරයි, අපි මේ බොනපාර්ට් නරියන්ට කුකුල් කොටු බාර දීලා රට දියුණුවෙනකම් හීන දකින ජාතියක් නෙමෙයිද…?