Jane
Campion විසින් අධ්‍යක්ෂණය කරන ලද The
Piano සිනමාපටය 1993
දී තිරගත වූවක්. 1993 කෑන්ස් සිනමා උළෙලෙදී විශිෂඨතම සිනමා
පටයට හිමි Palme d’Or සම්මානයත්, ඒ වසරේ ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම ස්වාධීන තිරපිටපතට මෙන්ම හොඳම
නිළියට සහ හොඳම සහාය නිළියට හිමි සම්මාන ද ඇතුලු තවත් ජාත්‍යන්තර සම්මාන රාශියකට
හිමිකම් කී The Pianoහි අධ්‍යක්ෂණයට අමතරව තිර රචනය හා නිෂ්පාදනය ද
සිදුකරන්නේ මේ ලෝක පූජිත සිනමාකාරිය වන Jane
Campion විසින්මයි.
කතාව දිගහැරෙන්නේ නවසීලන්තයේ බටහිර
වෙරළ මායිමේ පිහිටි ස්වදේශික ජනතාව වෛසන ගම් පියසක. කාලය දහනමවෙනි සියවසේ මැද
භාගය. ඇඩා (Ada McGrath) නම් ස්කොට් ජාතික වැන්දඹු තරුණිය තම හය
හැවිරිදි දියණියත් සමග මේ නවසීලන්ත බටහිර වෙරළට ගොඩ බසිනවා. ඒ තම පියා විසින් ඇය
නවසීලන්තයේ වගා කටයුතු කරන Alisdair
Stewart නම් ව්‍යාපාරිකයකුට විවාහ කර දී ඇති නිසා. ඔහු නවසීලන්තයේ
ස්වදේශිකයින්ගෙන් ඉඩම් මිළදීගෙන ව්‍යාපාර කළත් බටහිරින් සංක්‍රමණය වූවෙක්.
ඇඩා වයස අවුරුදු හයේ සිට කතා කරන්න
බැරි ගොළු තරුණියක්. ඇඩා මෙතක් දැක නැති තම ස්වාමියා සොයා නවසීලන්ත වෙරළට
ගොඩබසින්නේ විශාල භාණ්ඩ රාශියක් ඇතිව. ඒ අතර ඇය පණ මෙන් ආදරය කරන පියානෝව ද වෙනවා.
ඇය සහ ඇගේ දියණිය රැගෙනයෑමටත් ඈ ගෙන එන භාණ්ඩ ඔහුගේ නිවසට ගෙනයෑමටත් ඇඩාගේ සැමියා
වන Alisdair Stewart ඒන්නේ සේවකයින් පිරිසක් ද සමග. නමුත් ඔහු
පියානෝව බර නිසා අනික් භාණ්ඩ තරම් නොවටිනා භාණ්ඩයක් ලෙස කල්පනා කරන නිසාත් පියානෝව
වෙරළේ දමා යන්නේ ඇගේ සහ දියණියගේ දැඩි ඇවිටිලි කිරීම නොතකා.
නමුත් පියානෝව නැතිව ඇඩාට ඇතිවන
කාන්සිය අසීමිතයි. ඒ නිසා ඇය තම දියණියද කැටිව තමං ගොඩ බැස්ස මුහුදු වෙරළට ඒක්කං
යන ලෙස ස්වෙද්ශික මිනිසකුවන George
Bainesට ඇවිටිලි කරනවා. ඇයගේ ඇවිටිල්ල නොතකා
හරින්න බැරි තැන ඔහු ඔහුන් ඒම මුහුදු වෙරළට ඒක්ක යන අතර ඇය තම පියානෝව රිසිසේ
වාදනය කරනවා. සංවේදී මිනිසකු වන Baines මේ ගොලු තරුණියෙග් ආත්ම ප්‍රකාශනටෙ පියානෝව
කොච්චර වැදගත්ද කියන කාරණය ඒදා වැල්ලේදී අවබෝධ කරගන්නවා. පසුදා ඔහු ඇගේ සැමියාගෙන්
පියානෝව ඉල්ලනවා. ඒ හිලව්වට තමන් සතු ඉඩමක් දෙන පෙරොන්දුව පිට. වෙරෙළ් අතහැර දමා
ඇති පියානෝව වෙනුවට ඉඩම් කැබැල්ලක් ලැබීම ගැන ඔහු අතිශ්‍යයෙන් සතුටට පත්වන අතර
ඔහුට පියානෝ වාදනය ඉගැන්වීම සඳහා තම බිරිඳ වන ඇඩා ඒවන බවද ඔහු පොරොන්දු වනවා.
කතාවේ දෛවනි අඩ දිවෙන්නේත් ඇඩා සහ Baines අතර සියුම් ලෙස ආදරය මෝරායෑම තුළ. ටික දිනක් යද්දී මෙය ඇගේ සැමියාට
තේරුම් යනවා. ඒ අනුව ඔහු ඈ වළකන්නට ඉවසීමෙන් යුතුව උත්සාහ කරනවා. පසුව කෝපය නිසා
ඇගේ අතේ ඒක් ඇඟිල්ලක් කපාදාන්නත් ඔහු
කටයුතු කරනවා. (ඇඩාගේ සැමියා ව්‍යාපාරිකයකු ලෙස සියුම් නුගුණයන්ගෙන් පිරුණු අයෙක්
වුවද ඔහුගේ චරිතය සිනමාපටය තුළ නිර්මාණය කරන්නේ ඉතාම ගැඹුරු ආකාරයට. ඔහු ඇගේ
ඇඟිල්ලක් කපා දැම්මත් ඇයට තදින් ආදරය කරනවා. පස්සෙ ඇයට ඊ්සබැි හා නැවත ඇගේ රටට
ගොස් ජීවත්වීමටත් ඉඩ දෙනවා) ඇඩා මුලින්
මුලින් ස්වෙද්ශිකයාට ඒකඟ වන්නේ ඇයෙග් පියානෝව ආපසු ලබාගත හැකිය යන බලාපොරොත්තුවෙන්.
නමුත් එය ආදරයක් දක්වා උඩුදුවද්දී ඔහු ඇයට සැබවින්ම පියානෝව දෙනවා.
සැබැවින්ම පියානෝව යනු ඇඩා කතාකරන
විදිහ. ඇගේ ආත්ම ප්‍රකාශන ක්‍රමවේදයග සංඥා භාෂාව මගින් ඈ අන් අයට අදහස් ප්‍රකාශ
කරත්, දියණිය ඒවා ඒ අයට පරිවර්තනය කර දුන්නත්
ඇය හැඟීම් ප්‍රකාශ කරන්නේ පියානෝව තුළින්.
“The strange
thing is I don’t think myself silent' That is beacource of my piano” ඇගේ ආත්මීය හඬ ප්‍රකාශ කරනවා.
ඇගේ ගොලු බව නිසා කිසිවෙක් ඈ කෙර්
අවධානය යොමු කරන්නෙ නෑ. ඇයව තේරුම්ගන්න උත්සාහ කරන්නෙ නෑ. මේ නුපුරුදු රටේ
නුපුරුදු පරිසරය ඇතුළේ ඇයට ඒක තදින්ම දැනෙනවා. තම පියානෝව අහිමිවීම ම ඇගේ ආත්මප්‍රකාශනයට
හෙළන ලද මරු පහරක්. වරෙක ඈ නිවසෙහි මේසයක පියානෝවක යතුරු ඇඳ පියානෝව වාදනය කරනවා
මෙන් මේසයට තට්ටු කරනවා. මෙය දකින ඇගේ ස්වාමියා සහ සෙසු පවුලේ අය හිතන්නේ ඇගේ
මානසික ගැටලුවක් කියලා.
ඇයව මනාව වටහා ගන්නා Baines ඇයව පියානෝව ඉගනගන්න ගෙන්නුවාට ඇගෙන් පියානෝව ඉගනගන්නෙ නෑ. ඒ වෙනුවට
ඔහු කරන්නේ ඇයට හිතුණු හැටියට එය වයන්නට ඉඩ දී අසාගෙන හිටීම. මක්නිසාද ඇගේ ආත්මීය
ගැටලුව ඔහු මනාව දන්නවා. ඒක අතකට ඇගේ සැමියා නොවටිනා වස්තුවක් සේ පියානෝව වෙරෙළ්
හැර ඒමත් Baines වටිනා ඉඩමක් දී ලබාගැනීමත්
ඇගේ ආත්මය කෙර් දෙදෙනා ප්‍රවේශ වන ආකාරය කෙර් සංකේථාර්ථ දනවනවා.
සිනමා පටය අවසන් වෙන්නේ ඇගේ අනින්
පියානෝව මුහුදට දමන සංවේදී අවස්ථාවෙන්. ඒ ඇය ඊ්සබැි සහ තම දියණිය සමග තම රටට
පිටත්වන මොහොතේ එය ඔරුවට බර නිසා. සැබවින්ම ඇය ඒසේ කරීම ප්‍රේක්ෂකයා කම්පණයට පත්
කරනවා. නමුත් ඇය ඒසේ කරන්නේ ඇයි? ඇගේ
ආත්මීය කටහඬට සවන් දෙන්න පුළුවන් සංවේදී’තාවක් සහිත මිනිසකු තමාට ලැබීම නිසා ද?
(Baines ඇය හා සංවේදී වන මොහොතක ඇය කතා කරනවා ඔහුට
මොහොතකට ඇහෙනවා. ඒ වෙග්ම ඈ කෛර් සැබෑ සංවේදීතාවක් තිබුණු හැඟීම්බර ඒක් මොහොතක ඇගේ
ස්වාමියාටත් ඒක ඇහෙනවා)
ඕලන්ද ජාතික Abel Tasmanගේ (1642) සහ ඒංගලන්ත නැවි James Cookගේ (1769) ගවේෂණයන්ගේ සහ පාතැබීම්වලින් පසු 18 සහ 19 සියවස් පුරා නවසීලන්ත භූමියට නිරන්තරෙයන් යුරෝපානු සංක්‍රමණ සහ
බලපෑම් සිදුවීද යන්න ත් ඒ තුළින් සාම්ප්‍රදායික නවසීලන්ත ජනතාව වූ මයෝරි (Māori) වරුන් සහ ඔවුන්ගේ සංස්කෘතියටත් සමාජ
පැවැත්මටත් සිදුවුණ බලපෑම කවරක්ද යන්න නවසීලන්ත ඉතිහාසය සාක්කි දරනවා. මේ සිනමා
පටය පුරාවට දෙවැනි හුයක් ලෙස එම යථාර්ථය ගලාගෙන යනවා. විශේෂෙයන් යුරෝපීයයන්ගේ
සංස්කෘතික ආක්‍රමණයට දේශිය ගෝත්‍රිකයින්ට හුරුවෙන්න ඇති අපහසුවත් මේ ස්වෙද්ශික
චර්යාවන් යුරෝපීයන්ට නුහුරු වීමත් මේ කියන විසංවාදය කෘතියහි යටි හුය පුරාවට දිව
යනවා. බටහිර සංක්‍රමණිකයින් මයෝරිවරුන්වෙත තුවක්කුව පාන්නේ ඔවුන් බිය කිරීමට
විතරක් නෙමෙයි. තුවක්කුව වැනි ආයුධ ගොත්‍රිකයින්ට හුරු කරමින් ඒවා වෙළඳාම් කිරීම
මගින් තම ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා යටත් විජිත සියුම් ලෙස සුරා කන අයුරුත් ඒ තුළ
පැහැදිලිව නිරූපණය වෙනවා.
තවත් අතකට The Piano ඩීඑච් ලෝරන්ස් නිර්මාණය කළ යථාර්ථයේ සංවේදී මානයකුත් සියුම්ව නිරූපණය
කරනවා. ඇඩා වික්ටෝරියානු සංස්කෘතිය හරාහි හික්මුණු තරුණීයක්. ඈ අඳින්නේ කිටි
කිටියේ ස්ත්‍රී අවයව තදකරමින් වසා දමන තද ඇඳුම්. හිසේ සිට දෙපතුලටම වසාගත්
වික්ටෝරියානු කුල කත ඈ තුළින් දකින්න පුළුවන්. ඒසේ නමුත් ඇය තමන්ව තේරුම්ගන්නා
මිනිසා වෙනුවෙන් ඒ සියල්ල උනා දමන්නේ ප්‍රේක්ෂකයා ඉතාමත් ගැඹුරු සංවේදනාවකට
පත්කරමින්. ඒ සංවේදනාව මිනිස්කමත් මිනීස් හැඟීම් ගැනත් ඔහු ඥානනය කරනවා.
සිනමාපටයේ භාවිත වන නිල්පැහැයට හුරු
අඳුරු තේමා වර්ණය මේ ඛේදනීය ඉරණම තීව්‍රාත්මකව පෙන්නනවා. දැඩි රළ නගන මහුද සහ
ගොහොරු සහිත භූමියත්, කපනු ලැබූ සහ දවනු ලැබූ ගස් කඳන්වලින්
යුතු පසුබිම් දර්ශන ඒ හැඟීම තීව්‍ර කරනවා. සිනමා පටයේ සුවිශේෂී සංගීත සංරචනය
නොවන්නට The Piano ඇඩාගේ ආත්මී හඬ ප්‍රේක්ෂකයාගේ හදවත තුළට කාවද්දමින් සිදුරු කරන
සියුම් සැතක් නොවන්න තිබ්බා.
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
(රාවය 2018 අගෝස්තු 19)