
කමත් කවි
මුදුනේ යන ගොන් රජිඳුට - බුදුන් සරණ වඤ්ඤයි
දෑලේ යන ගොන් බානට - දහම් සරණ වඤ්ඤයි
බැත පෑගෙන මේ කමතට - සඟුන් සරණ වඤ්ඤයි
අනේ ඉතිං අපි හැමටම - මෙසැම සරණ වඤ්ඤයි
දිය බඳිමින් නියර උසට
කිරි දී කිරි වදින කලට
කරල් නැමී නැෙඟන කලට
එක් වෙමු ඕසේ අදින්ට
මේ කාගේ මේ කමතා
මුදුනේ ගොන් රජ කමතා
මේ කාගේ මේ කමතා
දෑල දෙබානගෙ කමතා
ගොන් රජු පා එරන් විල්ල - දෑල බාන රිදී විල්ල
පෙර රජිඳුන් පැළඳු විල්ල - පෙර කිවිඳුන් වැනු එවිල්ල
රකිමු රකිමු මේ සියල්ල - බැතක් වෙලා තබා බෙල්ල
හිරැ දෙවියන් වඩින තැනේ
බොල් පිනි නොතිබෙයි මෙතැනේ
සඳ දෙවියන් වඩින තැනේ
දුක් ගිනි නොතිබෙයි මෙතැනේ
මුදුනේ යන ගොන් රජුනේ
දනිමුය කළ ගුණ ඉතිනේ
බැත කාපන් ගොන් රජුනේ
පිදුරු බුදිමු අපි තුටිනේ
මේ කාගේ මේ කමතා
මුදුනේ ගොන් රජ කමතා
මේ කාගේ මේ කමතා
දෑල දෙබානගෙ කමතා
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
No comments:
Post a Comment