Tuesday, June 22, 2010

කෙට්ටුම කෙට්ටු ගඟකට


කෙට්ටුම කෙට්ටු ගඟකට

සකොබ රුදු ගන අඳුර ගල් ගසන
තිමිරන්ද යට සුසුම් හඬ නැගෙන
නිලන නිල් වනස්පති ඇකයෙහින
හොවන කෙට්ටුම ගඟකි සෙනෙහසින

නෙක් කුඹුක් කැලන දරු කෘෂ දෙතන
බොත් උරා දරු සෙනේ කිරි එරෙන
රිදුම් දෙන කටු පඳුරු පුළුලුකුල
මව් සෙනේ සීරාව සුවසදන

මදහසින සැටි බලා සතුටුවන
සියොන් සුතනන් පැලඳි තුඟු තුරින
පිදුම් දෙන පර පතින පර මලින
විසුළ වසුරින් ද නැත පෙම බි‍ෙඳන

පිරිපතින සියල් වන හද හොවන
තව තවත් කේඩෑරි වී ගලන
මව්සෙනේ සිහිලසින් උණුසුම්ව
කුල ගොතක් නොඅසාම පා දොවන

No comments:

Post a Comment