Saturday, August 1, 2020

කෙල්ලෙක් ඉන්නව ඇති




මං එක්කලා කරින් කරට හරි හරියට පොත් කියෙව්ව

කෙල්ලෙක්  හිටියා මට

හැම උදේම දෑස දෑස පැටලවිච්ච


සරසවි පොත් තෝරන අහඹු ම වූ නිමේශයක

කෙල්ලෙක්  හිටියා මට

එකම පොතක එක මොහොතක අත් ගැටිච්ච


එස්එම්එස් කොටකොට දවස පුරා සුරංගනා කතා ගෙතුව

කෙල්ලෙක් හිටියා මට

හැම උදේම  දෑස දෑස ගැටගැහිච්ච


දවසක කේඑෆ්සියේ අඳුරු කොනෙක එක හවසක මුණ ගැහිච්ච,

වීදුරු බටෙන් බි බී හිතින් හිතට එකඟවෙච්ච

සපුරා නිම කරන්න එස්එම්එස් පෙම් කතාව

කෙල්ලෙක්  හිටියා මට පැටලුණු නෙත් ගොලු ගැහිච්ච


සිග්නල් අඩු නුවරක රස්සාවක් ලැබුණු දිනක

අමතක වෙලා ගියත් ගොඩනගන්න මගෙ අර්ධය

කෙල්ලෙක් හිටියා මට දිගින් දිගට මුණ නොගැසුන


සත්තයි, නිම නොවිච්ච ද්වි-කර්තෘක පෙම්කතාව 

තවමත් මදින් මදට විටින් විටට මුමුණ මුමුණ

දැන් දැන් එතැ‘යි හිතන ‘බීප්’ හඬට ඇස් හොවාන

කෙල්ලෙක් ඉන්නව ඇති එදා වගෙ ම තනිකඩව ම



- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර (2020.08.02)




No comments:

Post a Comment