Tuesday, August 25, 2020

Encrypted love

මගෙ ප්‍රේම පලහිලව් 

හැමදාම එන්ක්‍රිප්ට්

ඇයි සඳා කියන්නෙම කරන්නට ඩි-ක්‍රිරිප්ට්?


හෙටක් නැති ජීවිතේ ලියන්න ද ස්ක්‍රිප්ට්

මගෙ ප්‍රේම පලහිලව් 

හැමදාම එන්ක්‍රිප්ට්


විකේතිත පෙම් හැඟුම් කියවන්න

ඩිකෝඩිත කේතයක් මං දුන්නා

ඇයි මදිද?


තෙරක් නැති අතීතෙක රහස් වැකි ඇහිඳින්න

ඇයි සඳා කොනහන්නෙ ඇන්ඩ්රොයිඩ්

ගිනිකන්ද?


ප්‍රේමයේ මේ මොහොත

හොඳම මොහොතයි නැද්ද?

එන්ටු-එන්ඩ් වූවදෙන් තවත් ඇවිටිලි මොකද


විකාරයි තමයි, ඔව් අපේ හැඟුමන් වලට

අපිඅපිම හිටපුදෙන්

අතරමැදියන් කුමට


ආදරේ විතරක්ම ආකේතිතද, හරිද?

මගෙ ආල කතන්දර කවදත්ම එන්ක්‍රිප්ට්ය


අපේ ජීවිත ඇතුළෙ රහස් කඳු පීරන්න

කවි විඳින හැකරුන්ට ඉඩ දෙන්නෙ අපි කුමට

නිදි මැරුවා ඇති සඳා  

දැන් ඉතින් නවතින්න මගෙ ප්‍රේම පළහිලව් කොහොමත්ම එන්ක්‍රිප්ට් ය




*Encrypt කිරීම හෙවත් ආකේතනය අනුව සිදුවන්නේ යමෙක් යවන පණිවිඩයක් යවන්නාට සහ ලබන්නාට පමණක් කියවිය හැකි පරිදි සම්පූර්ණ විකාරරූපී කිරීමයි. දෙඅන්ත ආකේතනය හෙවත් End-to-End Encryption  යනු, වට්ස්ඇප් යෙදුම හරහා නූතන තොරතුරු තාක්ෂණයට එකතු වූ වැදගත්ම ආරක්ෂක ක්‍රමයකි. කිසිම අතරමැදියකුට මේවා කියවිය නොහැකිය.


2020.08.25


 

No comments:

Post a Comment