Sunday, March 28, 2010

තොප්පි වෙළෙන්දාගේ කවිය


තොප්පි වෙළෙන්දාගේ කවිය

න්න මහතුනේ ගන්න
හොඳ ලස්සන තොප්පි මෙන්න
රතු නිල් කොළ විතරද නොව
ඔබට අවැසි පාට මෙන්න

ඔබ කැමැති සුදු පාටද
මෙන්න සුදුපාට වැඩියෙන්ම විකිණෙන
බලන්න මේ අඳුරු
කළුපාට එකේද ලස්සන

එන්න මහතුනේ ගන්න
හොඳ ලස්සන තොප්පි මෙන්න

ඇයි මහතුනේ ඔබ ඔය
ඇඳගෙන පරණ තොප්පිම
දුප්පත්කම නිසාව ද
ආස නැතිවද අලුත් ඒවට
පළඳා බලන්න මේ සැම
අපි දෙනවා ලාබෙට

බලන්න මේවායේ මෝස්තර
දම්සක් කුරිස අඩසඳ
ඈ නෙක් රටා දෑ දද
තෝරාගන්න රිසි එක
පළඳා බලා ඔබ'තින්ම රිසියෙන

එන්න මහතුනේ ගන්න
ගත්තෙ නැතත් බලල යන්න

අණ්ඩය දදා පළඳින
දුවිලි ගසා ඔපලන
මහතුනේ කිම අරුමය
කල් ගිය තොප්පි පළඳින

එල්ලුවද නිතියෙන
මහගෙදර පුදසුන ළඟ
සඳුන් කපුරෙන් නොයන
කළු දුඹුටු ගඳම වැගිරෙන
ගලවන්න පරණ ඔය සැම
අපි දෙනවා ලාබෙට
නැතිය වෙන කොහෙවත්ම ගන්නට

එන්න මහතුනේ බලන්න
හොඳ ලස්සන තොප්පි මෙන්න

ඉහළින් අනුමැතිය ලබපු
ගාර්මන්ට්වල හදපු ඒවා
කිහිප දෙනෙක් හැඩ කරපුවා
පිටරටිනුද ගෙනා ඒවා
හැකිය ගන්න අපෙන් මෙන්න

පැලැස්තර නොම සැඟවුණ
පැල්ලම් ද ඉල්පී එන
ආඩම්බර හදින
උරුමෙක මහිම කියමින
ගලවන්න ඔය සැම
තාලයට අලුත්ම නිම කළ
පළඳා බලා මේ හැම

එන්න මහතුනේ බලන්න
හොඳ ලස්සන තොප්පි මෙන්න

අව්වට ද පළඳින
වැස්සට ද හිස ලන
හිස් තට්ට ද වසන
ඔබෙ උජාරුව ද පෙන්නන
තොප්පි තියෙනවා අපි ළඟ
අපි දෙනවා ලාබෙට
බලන්න නෑ ගන්නේ මිළ
බලල යන්න එන්න මෙන්

-
ප්‍රසාද්




No comments:

Post a Comment