Wednesday, July 10, 2013

ආදරේ හඳ එළිය

 


මතකයිද
ඒ රාත‍්‍රිය
දිගේලි වෙලා තිබ්බ
ආදරේ හඳ එළිය

හිත හිතයි හිටියෙ අපි
ඒ එළියෙ උණුහුම ගැන
වැට කඩොලු බැමි බිඳලන

මමයි අරගෙන ආවෙ අවුරුද්ද
ඔයාගෙ මුළු ලෝකෙට

"කියල දෙන්නද තායම්
මං ආසම - අලුත් අවුරුදු සෙල්ලම”

නංගිලා මල්ලිලත් වට කරගෙන
ඔයා කියල දෙනකොට
මගෙ මතකයට ආව යන්තම්
අපෙ අම්මත් උගන්නපු හැටි
නම මතක නැති ඒ සෙල්ලම

"ගෙයකට ගියෝතින්නම්
මොන රජෙකුටත් බෑ හොල්ලන්නට”

කොටුවෙන් කොටුව තබමින්
ඔබ එබුන මගෙ ඇස් දෙක වෙත

ඔන්න මෙන්නයි හිටියෙ අපි
එක ගෙදරකට යන්නට

හිතුනෙම නෑ අපිට
අපෙ පාර අවුරන් ඉන්ඩ
ඇත්තමයි
හැකි වෙයි කියල රජෙකුටවත්
පත්තු වෙනකම්ම ඒ උණ්ඩය

උප මාතෘකාව; 

කවියක් නොමැති දිගුවක් හෙවත් අසිරියේ තරු එළිය..


වැක්කෙරිල ගියා ආත්මය
රැඳවුම් කඳවුරු දොරකඩ
අහම්බෙන් දකිනකම්ම රූපය
පත්තර පිටක පළ වුන

සටහන් වෙලා තිබ්බා
දැන් ජනප‍්‍රිය නිළියක් වග
ලොකු සම්මානෙකුත් ලැබුණලු
මේ ළඟදි කළ වැඩකට

සංවිධානෙන් ඇවිත්
තාත්තට වෙඩි තිවු හැටි
මල්ලි අරගෙන ගිය හැටි
අම්මටත් කරදර කළ හැටි
හැම ෆේ‍්‍රම් එකක්ම
අල්ලගෙන තිබ්බලු ඔයා හරියට

දැන් එනවලු මහත්වරු
කැමරා කාච අරගෙන
බර ගැහුණු හදවතින්
නෑසියන් බලල යන්නට

චිත‍්‍රපටි කෙරෙනවලු හරියට
සිංදුත් ලියවෙනවලු ජයටම
පාරවලුත් ලොකුලු
හෝටලුත් හැදෙනවලු තරගෙට

අතුරුදන් වුණ නංගිත්
මේ ළඟක මුණ ගැහුණලු

ලොකු අකුරින් කියල තිබ්බ
දැන් ප‍්‍රශ්නයක් නැති වග

"කෑම්ප්පෙකෙ තිබ්බ ෂූටින් වලදිම
තමයි ඒ යෝජනාවත්තාවේ

 
Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර