Monday, May 10, 2021

Jaws සහ ලංකාවේ කොරෝනා දේශපාලනය


 

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ Jaws (1975) චිත්රපටය නැවත වතාවක් බැලුවා. සාමකාමී සංචාරක වෙරළකට හිටිහැටියේ දරුණු මෝරකු සම්ප්රාප්ත වීමත්, ඌ විසින් දින ගණනාවක් මිනිසුන් බිලිගැනීමත් සිදුවෙනවා. මෝරන් පිළිබඳ විශේෂඥයින් මෙන්ම ප්රදේශයේ ප්රධාන පොලිස් නිලධාරියා (police chief) ඇතුලු කණ්ඩායමක් වෙරළ සංචාරකයින් සඳහා වහා වසා දැමිය යුතු බව කියනවා. නමුත් ඒ වෙනුවට බලධාරීන් කරන්නේ දිනෙන් දින උවදුර තියුනු වෙද්දී, එම අර්බුදයට වෙනස් අර්ථකථන දෙමින් හා එහි භයානකත්වය ව්යාජ ස්වරූපවලින් වසා දමමින් මිනිස්සු මරණය වෙතම තල්ලු කිරීම. Jaws ඒ චිත්රපටියේ මූලික තේමාව ගලායන්නේ ඒ අයුරින්.
‘වෙරළෙහි පීනන මිනිසුන් ධීවර බෝට්ටුවල වැදී‘ මේ මරණ සිදුවන බව ඔවුන් මවන එක් ව්යාජ ප්රවාදයක්. දෙවනුව ඔවුන් කරන්නේ, මෝරා මැරීම සඳහා සැබෑ මෝර දඩයම්කරුවන්ට වියදම් කිරීමට අකමැතිව ව්යාජ ලාභ දඩයම් කරුවන් ගෙන්වීම. ඔවුන් ලවා අදාල මෝරා වෙනුවට ව්යාජ මෝරෙකු අල්ලා (මිනිසුන් බිලිගන්නේ ඌ නොවන බව දැන දැනත්) ප්රදර්ශනය කරමින්, ‘දැන් ගැටලුවක් නැතැයි‘ කියා මිනිසුන් - දරුවන් නැවත වතාවක් මරණයේ මුවට දක්කායෑම.
ඔවුන්ගේ පරමාර්ථය සංචාරක කර්මාන්තයෙන් තමන්ට ලැබිය හැකි පෞද්ගලික ලාභය කෙසේහෝ රැකගැනීම.
Jaws හි සංකේතමය මානය නූතන සිලී ලංකාවේ කොරෝනා දේශපාලනයට සියයට සියයක් සමපාත වෙනවා. දෙතුන් දෙනා මිනිසුන් මියයද්දී ඔවුන්ගේ මරණ කොරෝනා නිසා නොව වෙනත් නිධන්ගත රෝග නිසා සිදුවුණ බවට රූපාන්තරණය කරන්න වෙහෙස ගන්නවා. සැබෑ පිළියම වෙනුවට ව්යාජ ගම් වෙද්දු, හදිහූනියම්කාරයෝ වේදිකාවට ගෙනෙමින්, දැන් ප්රශ්නයක් නැති බව පවසමින් සමාජයට දිගින් දිගට අයාලේ යෑමට ඉඩ දෙනවා. වෛද්ය නිලධාරීන් හා තවත් පිරිස් චෝදනා කරන්නා සේම පීසීආර් කිරීම ආදී මූලික පියවර වැඩිදියුණු කිරීම වෙනුවට ඒවා නොසලකා හරිනවා. සැබෑ විශේෂඥයින් විසින් මෙහෙයවිය යුතු කොරෝනා මර්ධන ව්යාපාරය වෙනත් පිරිස් අතට පත් කරනවා. මරණ සංඛ්යාව ගැන හා රෝගීන් ගැන සංඛ්යා ලේඛන පිළිගත නොහැකි බව අදාල ක්ෂ්රේත්රෙයන්ම චෝදනා එල්ල වෙනවා.
සැබෑ විසඳුම වන එන්නත්කරණය පසක තිබෙද්දී, සිනමා පටයේ ගෙනා අර ව්යාජ මෝරා මෙන්, ඊනියා පැණි, හූනියං මුට්ටි වේදිකාවට ගේනවා. විශේෂඥයින් තාර්කිකව ප්රදේශ වසා දමද්දී, නූගත් දේශපාලඥයින් එ්වා අවනීතිකව නැවත අරිමින් රට තව තවත් අර්බුදයට යවනවා. කොරෝනාවෙන් විශාලාවක් වී ඇති ඉන්දියාවට මුලු ලෝකයම සංචරණ සීමා පණවද්දී, ඉන්දියානුවන් ලංකාවට ගෙන්වා ඔවුන්ට ලංකාවේ නිරෝධායන පහසුකම් සලස්වා දී රට අවධානයේ දමමින් හොද්ද බොරකරගැනීමට වෑයම් කරනවා.
එසේ නමුත් Jaws චිත්රපටයේ මේ බිහිසුණු මෝරා මරා දමා ජනතාව බේරාගැනීමට සැබෑ විශේෂඥයකුටත්, නිර්භීත පොලිස් නිලධාරියෙකුටත් සැබෑ මෝර දඩයම් කරුවකුටත් අවසානයේදී හැකිවෙනවා.
ලාංකික කොරෝනා සංධර්භයේ, මහා ගැලවුම්කරුවන් සේ සැලකූවනුත්, විශේෂයිනුත්, ආරක්ෂක යාන්ත්රණයත් ඉන්නේ කොයි පසද? මේ කොරෝනා දේශපාලනයෙන් ලංකාවේ පුරවැසියන් ගලවාගන්නේ කවුද?
- ප්රසාද් නිරෝෂ බණ්ඩාර