දැන් උනත් කිව හැකියි, ඔව්
මගෙ ආදරේ ගිනි පෙළෙලි,
සඟවා සිටින වග පපුතුරෙහි රත් පුළිඟු තවමමත්
ඒ වුනත් පෙම්වතී, රිද්දන්න ඇවැසි නෑ ආයෙමත් එයින් නුඹ
බලාපොරොත්තු විරහිතව - ඇතැම්විට ගොළුලෙස
බොහෝ සේ පෙම් කළෙමි මම නුඹට.
අවිශ්වාසයෙන්, ඊර්ෂයාවෙන් හා වේදනාවෙන්
අවංකව හා මෘදුව පෙම් කළා මම නුඹට.
ඔව්, තව කෙනෙක් පෙම් කරයි එලෙසින්ම ඊළඟට
- ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (I Loved You) [Translated by: Prasad Nirosha Bandara]