Wednesday, November 11, 2015

පිටුවහල් වහලෙක්මි‍‍‍‍



පිටුවහල් වහලෙක්මි‍‍‍‍


මහ උණෙන් කොළ ගැහුන
ප්‍රත්‍යන්ත දූපතට
යළි යළිත් පිටුවහල් බව ලදිමි

පිටුවහලුන්ය හැමතැන
නෙක් වරදනට පැමිණෙන‍
ආ විගස 
ආපහු යන

කොටු පවුරින් එහා ලෝකෙක
කේඬෑරි ආත්මෙක ඇගිලි තුඩු රෑ පුරා සක්මනක

කිරිකැටි දියණිය - ඇගෙ මව
මව්පිය නෑසියන් හැම දෙන
ලබනවා ඇති ගැරහුම්
සමච්චල් අවමන්

වහලෙකුගෙ පව් කන්ද
කොච්චරට බර ඇත්ද?

හාමත් වෙලා හඳෙහි මූණත් බෝඩිං කාමරේට රිංගන
කොයිබින්ද කිරි සීන
තාත්තෙක් නැති දුවකට‍

මොනව නම් තේරෙනව කියලද
ඒ අහිංසක දරුවට?

පිටුවහල් දූපතක 
යළි යළිත් රැ‍ඳෙන්නට
වරදක් නොකිරීමත් වරදක්

ආ විගස යාගන්න 
වහලෙකුට කොයිද පහුරක්?


Prasad Nirosha Bandara | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

4 comments:

  1. අගෙයි. කවියෙකුට ඒ කාලයේ වගකීම්සහගත වැඩ කොපමන ඇත්ද? කන පින නෙත සනසන සිත සනසන අතරම මිනිසුන් ඇහැරවීම..... තවත් දහසකුත් දේ.... ඇත්තටම තමන්ගෙ රටේම පිටුවහලෙක් වීම තමයි බයානකම.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete