තමා කුස තුළ
සිටියදී තම මව ස්පාඤ්ඤ උණ රෝගයට ගොදුරුවීමේ ප්‍රතිඵලයක් වශයන්, පිරිහුණු සෞඛ්‍ය
තත්ත්වයකින් යුතුව ඉපදීම (1918) නිසා
මන්දපෝෂණයෙන් මියයෑමට ඉඩ ඇතැ‘යි වෛද්‍යවරුන්
අනාවැකි කී එක්තරා කොලු ගැටයෙක් පසුකාලීනව ලෝකයේ ප්‍රමුඛතම සිනමාකරුවකු බවට
පත්වෙනවා. ඒ කොතරම් ද කියනවානම් සිනමා ලෝලීන් ඔහු ඉපදුනු රට වන ස්වීඩනය
බර්ග්මාන්ගේ රට විදිහට හඳුන්වන මට්ටමට, ස්වීඩන් සිනමාවේ මුද්‍රාව ලෝක සිනමාව හමුවේ තියන්න ඔහු
සමත් වෙනවා. මේ සුවිශේෂී සිනමාකරුවා ඉංග්මාර් බර්ග්මාන්. සිනමාකරුවෙකුට අමතරව නාට්‍යකරුකෙුද
වන බර්ග්මාන් පසුකලෙක තම ජීවිත Lantern
Magica නමින් පළ කරන
අතර එහි ඉංග්‍රීසි පරිවර්තනය වන Magic
Lantern, සිනමා
හදාරන්නන්, සිනමාලෝලීන්,
මෙන්ම සකලවිධ පාඨකයන්ට
මගහැර යා නොහැකි කෘතියක් බවට පත් වෙනවා. මේ කෘතිය ‘මැජික් ලන්තෑරුම’ නමින් සිංහලට පරිවර්තනය වනවා. ඒ සිංහල
සිනමාව න්‍යායාන්ධකාරයෙන් ගැලවාගනීමට මෙන්ම සිනමා ශිල්පයට අසන්සන්ධනීය දායකත්වයක්
දැක්වූ එම්.ඩී මහින්දපාලයන් අතින්. මේ කෙටි සටහන මැජික් ලන්තෑරුම ගැන.
මේ කෘතිය
කියවන පාඨකයාගේ එසැණ සිත්ගන්නා සුවිශේෂී ගුණයක් වන්නේ එහි සංගෘහිත සංස්කෘතික ජීවන
අත්දැකීම් හා ඓතිහාසික දේශපාලනික අත්දැකීම් ම පමණක් නොවේ. බර්ග්මාන් තම ජීවන
වෘත්තාන්තය ලියන්නේ මුළ මැද අග පිළිවළට ලියූ සාම්ප්‍රදායික චරිත කතාවකින් ඔබ්බට
ගිය රීතියකින් වීම නිසා. සැබැවින්ම මැජික් ලන්තෑරුම බර්ග්මාන් වැනි සුවිශේෂී
සිනමාකරුවකුටම හැරෙන්නට වෙනත් ලේඛකයකුට ලිවිය හැකිදැ‘යි සැක හිතෙන තරමට මුළ මැද අග අනුක්‍රමය
අපූර්ව ලෙස සංකලනය කළ සිනමාරූපී ස්ව්‍යං චරිතාප්‍රදානයක්.
බර්ග්මාන්
පූජකවරයකුගේ (හෙන්රික් බර්ග්මාන්) පුත්‍රයකු ලෙස ඉපදෙන්නේ දැඩි ආගමික හික්මීමක්
සහිත පරිසරයක ය. පූජකයකුට බාහිර සමාජයෙන් ලැබිය යුතු ගෞරවය ආරක්ෂා කරගන්නට කුඩා
දරුවන් වන බර්ග්මාන් ඇතුළු සහෝදර සහෝදරියන්ට පවා විශාල කැපවීමක් කරන්න වෙනවා. එසේ
නමුත් එම නිදහස් නොවන, දැඩි
අධිකාරිවාදී ආගමික චින්තනය කුඩා කල සිටම බර්ග්මාන් ප්‍රතික්ෂේප කරන අතර, තම ස්ව්‍යං චරිතා ප්‍රධානය
තුළ පවා ඒ දේ සියුම් ව සටහන් කරනවා. (නමුත් බර්ග්මාන්ගේ සිනමා කෘතීන් තුළ ආගම
සම්බන්ධයෙන් පේන්නේ ඉතා සමීප - දූරස්ථබවක්) බර්ග්මාන්ගේ නැගෙනියට දරුවෙක් ලැබෙන්නට
යන විට පවුලේ නම්බුව වහගන්න ගබ්සාවක් කරවනවා. ඔහුගේ අය්යා සිය දිවි නසාගන්නවා.
නොගැලපෙනවයි කියන ප්‍රේම සම්බන්ධයෙන් බර්ග්මාන්ට පවුලෙන් තර්ජන එල්ල වෙනවා. පූජක
පවුලක ඊනියා පිළිගැනීම වසා ගැනීමට මේ දේවල් සිදු කරතත්, ඔහුගේ මව සහ පියා අනියම් ප්‍රේම සම්බන්ධතා
පවත්වනවා. මැජික් ලන්තෑරුම තුළ බර්ග්මාන්ගේ එළැඹුම, තම දෙමව්පියන්ගේ රහස් ජීවිත මෙන්ම තමාගේම
යටිහිත සහ අසම්මත ක්‍රියාවන් පවා නොපැකිලී හෙලිකරන තරමට අව්‍යාජයි.
කෙසේ වෙතත්
කුඩා බර්ග්මාන්ට සිනමාකරුවෙක් හා නාට්‍යකරුවෙක් කරන්නේම ඔහුගේ මේ පවුල් වටපිටාව.
ලොටන් නැන්දාගේ චීන සෙවණැලි නාටක රංගනයත්, තමං සතුවූ මැජික් ලන්තෑරුමත්, ඇනා නැන්දාගෙන් නත්තල්
ත්‍යාගයක් ලෙස ලද සිනමැටොග්‍රැෆි යන්ත්‍රයත් කුඩා බර්ග්මාන්ට කොයිතරම්නම්
පරිකල්පනීය ලොවක් කරා ගෙන ගියාද යන්න කෘතිය තුළ අපූර්ව ලෙස පැහැදිලි කරනවා. මේ
සිනමැටොග්‍රාෆ් යන්ත්‍රය ගැන,
“එය සංකීර්ණ
උපකරණයක් නොවීය. ආලෝකය, පැරෆීන්
ලාම්පුවකට සැපයෙන අතර ලීවරය, දැතිරෝදයකට හා
මෝල්ටිස් කුරුසියකට සම්බන්ධ විය. ලෝහ පෙට්ටිය පිටුපස සරල පරාවර්තකයක් විය. කාචය
පිටුපස ලැන්ටර්න් වීදුරු තහඩු කිහිපයක් හා මි.මි 35 පටල කැබැල්ලක් ද විය. එය මීටර් තුනක් පමණ
දීර්ඝ පටලයකි. පටල පටය සමග ලැබුණු විස්තර පත්‍රිකාවක සඳහන් වූයේ එකී චිත්‍රපටයේ නම
‘හෝල් මහත්මිය’
(Ms Holle) බවයි. හෝල් මහත්මිය
කවුදැයි කිසිවෙකුත් දැන සිටියේ නැත. එහෙත් පසුව දැනගන්නට ලැබ්ණේ ඇය ආදරයේ දෙවඟනක
බවයි.
පසුදින උදෑසන
මම කාමරයේ විශාල අල්මාරියේ මුල්ලක, මගේ සිනමැටොග්‍රාෆ් යන්ත්‍රය ස්ථානගත කළෙමි. පැරෆීන්
ලාම්පුව දැල්වූ පසු ආලෝක ධාරාව සුදු බිත්තිය මත පතිත විය. ඉන්පසු මම පටලය පටල
යන්ත්‍රයට ඇතුල් කළෙමි. තණ පිට්ටනියක් තිරයේ දිස්විය. තණ පිට්ටනිය මත වැතිර සිටින තරුණියක එහි පෙනී
සිටියා ය. මම ලීවරය කැරකැවුවෙමි.
සිදුවූයේ
කුමක්දැයි පැහැදිලි කළ නොහැක. මගේ විමතිය වචනයෙන් විස්තර කළ නොහැක. එහෙත් රත්වූ
ලෝහ සුවඳ තවමත් මගේ නාසයට දැනෙන්නාක් මෙනි. පැරෆීන් ඉටි සුවඳ හා මගේ අත රැඳි
ලීවරයේ සිසිලත් මට දැනේ. බිත්තිය මත ගැස්සෙන සෙලවෙන හතරැස් රූපරාමු මට පෙනේ. ලීවරය
කැරකවූවිට තරුණිය අවදිවූවාය. ඉන්පසු ඇය සෙමින් නැගිටින්නට විය. ඉන්පසු ඇය දෑත්
දිගුකර, වටයක් කරකැවී
රාමුවේ දකුණුපැත්තෙන් අතුරුදන් වූවාය. ලීවරය තවත් කරකැවූයේනම් ඇය නැවතත් තණපිටියමත
දැකගත හැකි විය. ඉන්පසු ඇය කලින් කළ සියල්ල එලෙසම කරන්නට විය.
ඔව්! ඇය චලනය
වූවාය..” (මැජික් ලන්තෑරුම 31 පිට)
ඉංග්මාර්ගේ
අර්ධ ස්ව්‍යං චරිතාපදාන චිත්‍රපටයක් (semi-autobiographical
movie) සේ සැලකෙන Fanny and Alexander (1982) වැනි චිත්‍රපටයන්හි තම පරිකල්පණය දැල්වූ මේ අතීතය
ජීවන ශ්‍රෝතසයන් අපූර්වාකාරයට චිත්‍රණය
කරනවා. විසිතුරු ගෘහනිර්මාණ ශිල්පයන්ගෙන්, සිතුවම්වලින් හා අඳුරු මුලුවලින් පල්ලිය ආශ්‍රිත
පරිසරයත්, තමං කුඩාකල
සිට හැදී වැඩුණු අපූර්ව නිවාස, ඒ ආශ්‍රිත
පරිසරය මෙන්ම විශාල පවුල් සබඳතා මේ කුඩා දරුවා පරිකල්පනීය මිනිසකු ලෙස ගොඩනගන්න
එකසේ උපකාරී වෙනවා. එස්ම තරුණ කල රංගශාලා සේවකයකු හා අධ්‍යක්ෂකවරයකු හැටියට සෑහෙන
කාලයක් සේවය කරන බර්ග්මාන්ට එහිදී විශාල අත්දැකීම් සමූහයක් මෙන්ම කලා කරුවන්
සමූහයක් ද මුණගැහෙනවා. එය බර්ග්මාන් නම් ශිල්පියා ප්‍රකට හා වියුත්පත්තියකින් යුතු
නාට්‍යකරුවකු මෙන්ම ලෝක ප්‍රකට සිනමා ශිල්පියකු හැටියට ගොඩනැගීමට එය විශාල
පිටිවහලක් වුණ බව පේනවා.
සංස්කෘතික
හුවමාරු වැඩසටහනක් යටතේ සති හයක කාලයක් තමාට ජර්මනියේ ශිෂ්‍යයකුගේ නිවසට යෑම නිසා
ගැටවර බර්ග්මාන් ලද අත්දැකීම් මැජික් ලන්තෑරුමේ ඇති සිත්ගන්නා තැනක්. එහිදී අන් අයට
මෙන් තමාටද අත දික් කරිහේල් හිට්ලර්‘ යැයි කීමට සිදු වූ අයුරුත් හිට්ලර් යටතේ ජර්මන් සමාජය
හැඩගැසෙමින් තිබුණ ආකාරයත් අපූරුවට සටහන් වේ. බර්ග්මාන් ඔහුගේ පාසලට යන අතර පාසල්
සිසුන්ටිෆොන් ඩෙන් ජූඩන් වර්ගිෆ්ටඞ්‘ (යුදෙව්වන් විසින් වස විෂ ශරීර ගත කර ඇත) යන්න පාසල්
මගින් ශිෂ්‍යයින්ට කඩපාඩම් කරවන පරිශ්‍රමය දකී. එසේම පිටස්තර රටක ශිෂ්‍යයකු වූ
තමන්ටද හිට්ලර් ගැන ආදරයක් හිතෙන තරමට හිට්ලර්ගේ ප්‍රචාරණ වැඩපිළිවෙළ හා ඔහුගේ
ආකර්ශනය සැකසී තිබූ අයුරු බර්ග්මාන් විස්තර කරයි. වසර ගණනාවක් යනතුරු මේ ප්‍රේමය
තමන් තුළ පැවති බවත් තමන් නාසිවාදී ව්‍යාපාරය වෙනුවෙන් තර්ක කළ බවත් ඔහු
හෙළිකරනවා.
බර්ග්මාන්
සිනමා කෘති මෙන්ම පරිවර්තන හා ස්වතන්ත්‍ර නාට්‍ය කෘති විශාල ප්‍රමාණයක් නිර්මාණය
කරනවා. ඒවායෙන් මුල්කාලීන බොහෝ කෘති මූල්‍යමය වශයෙන් අසාර්ථක වනවා. නමුත් දිගින්
දිගට කලාවේ නියැලෙනවා. ලෝක ප්‍රකට සිනමාකරුවකු ලෙස සිනමා කෘති කරන ගමනුත්, ඇතැම්විට එතරම් සාර්ථක
නොවෙනු ඇතැයි දැන දැනමත් වේදිකා නාට්‍ය කරනවා. ඒ අතර සිනමා හා නාට්‍ය තිර පිටපත්
රචනා කරනවා. අධ්‍යක්ෂණය කරනවා. මැජික් ලන්තෑරුම වැනි ස්ව්‍යං චරිතාප්‍රදාන ලියනවා.
මෙය එය සිනමාපටයකින් දෙකකින් මහා සිනමාකරුවන් බිහිකරන, එක පොතකින් දෙකකින් මහා ලේඛකයින් බිහිකරන,
ලාංකික කලා අවකාශයට
සෑහෙන නුහුරු අත්දැකීමක්.
මැජික්
ලන්තෑරුම කෘතිය තුළින් සිනමා අවකාශය තුළ ප්‍රකට කරන වැදගත්ම කරුණය කලාකරුවකුට තම පෞද්ගලික අත්දැකීම් කොතරම්
වැදගත් ද යන්න හා එකී පෞද්ගලික අත්දැකීම් සිනමාකරණයේදී නිර්මාණාත්මකව යොදාගන්නේ
කොහොමද යන කාරණා. එසේ හෙයින් මැජික් ලන්තෑරුම ඔහුගේ සිනමාපට නැරඹූවන්ට ඒවා නැවත
නැරඹීමටත් ඒ දෙස අලුත් කියවීමක් සිදු කිරීමටත් පෙළඹීමක් කරනවා. තම දෙවෙනි බිරිඳ වූ
Ellen Lundström සමග ජීවත්
වෙද්දී ගුන් හැග්බර්ග් නම් තරුණිය සමග කෙටිකාලින ඇසුරක් පවත්වාගෙන ගිය අයුරුත් එය
තම බිරිඳට කියූ පසු ඇය දැක්වූ ප්‍රතිචාරත් Scenes
from a Marriage (1973) යොදාගත් ආකාරය මැජික්
ලන්තෑරුමෙහි බර්ග්මාන් සඳහන් කරනවා. එසේම ගුන් සමග පැරීසියේ ජීවත් වූ කාලප හා
ජීවත් වූ කාමරයේ ස්වරූපය තම The Silence (1963) සිනමාපටයේ තියෙනවා. ඉංග්මාර්ගේ පාසල් වියෙහි ගිය යටකී
ජර්මානු සංචාරයේදී හමුවුන ක්ලේරා නම් තරුණිය ඔහුට එවූ ඇගේ ජීවිතය පිළිබඳ
සංවේගාත්මක කරුණු අඩංගු ලිපිය අකුරක් නෑර තම The Rite (1969) සිනමා පටයේ හොවා ඇති බව ප්‍රේක්ෂකයාට
බලාගන්න පුලුවන්. එසේම තම බිරිද වූ Ellen Lundström ගෙත් තමාගේත් ජීවිත
කතාව තම To Joy (1950)
සිනමාපටයේ සඟවා ඇති
ආකාරයත් මැජික් ලන්තෑරුම හෙළි කරනවා. කුඩා ඔහු මෝචරියක තනි වූ වේලාවකදී මිය ගිය
තරුණියකගේ සිරුර අතගෑමට ආශා හිතීමේ අත්දැකිම Hour of the Wolf
(1968 ) සිනමාපටයේ
නිරූපණය කර ඇති අකාරය ඇතුලු සිනමාකරුවාගේ පෞද්ගලික අත්දැකීම් රාශියක් ඔහු සිනමාව
තුළ යොදාගන්නේ කෙසේද යන්න ඉවසිලිවන්ත ප්‍රේක්ෂකයාට සොයාපාදාගන්න පුලුවන්. ඒ
අනුව මැජික් ලන්තෑරුම ඔහුගේ සියලු කෘති
අලුත් ඇහැකින් ආපහු බලන්න රසිකයාට ආරාධනා කරනවා.
මැජික්
ලන්තෑරුමේ නිතර දක්නට ලැබෙන සරල අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ දෝෂ තවදුරටත් නිවැරදි
වන්නට තිබුණි. කෙසේ වෙතත්, මුල් පරිවර්තනවල
තිබුණත්, මෙය
මහින්දපාලයන් විසින් මෑතකදී පරිවර්තනය කළ, මා තවමත් කියවා අවසන් කර නොමැති, තවත් විශිෂ්ඨ කෘතියක්
වනිසිනමා කලාව‘ තුළ බොහෝවිට
නිවැරදි වී ඇති ලක්ෂණයක්. මැජික් ලන්තෑරුමට අමතරව, සිනමාව හා ජනසමාජය, අම්මා මට කියා දුන් ගී,
සිනමා කලාව වැනි
විශිෂ්ඨ කෘති සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ම මෙවැනි විශිෂ්ඨ සිනමාකරුවන්ගේ සිනමා
කෘතීන් හා විශ්ව සිනමාව වඩාත් සමීපව කියවාගන්නට සිංහල පාඨකයාට ලබා දෙන තීරණාත්මක
ආලෝක ධාරාවක්. ඒ නිර්ලෝභී ශාස්ත්‍රීය වෑයම වෙනුවෙන් පරිවර්තකයාට නොවක් ස්තූතිය
හිමිවිය යුතුමය.
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
‘රාවය‘ 2019 ඔක්තෝම්බර්
27
No comments:
Post a Comment