මොකද ඔයාට හැමදාම ඕන කළේ ලේඛකයෙක් වෙන්න. ඒත් ඒකට ධෛර්යය තිබුණෙ නැහැ. දැන් ඔයා තනි වුණාට පස්සෙ වෙලාවෙන් ප්‍රයෝජනගන්න පුලුවන්. අඩුගානෙ ඔයා පිළිගන්න ඕන මං ඔයාට කතාවක් දුන්නා කියන එක. එහෙම නෙමෙයිද මගේ කොල්ලෝ?
- මාරියෝ වාර්ගාස් ලෝසාගේ විසේකාරී (The Bad Girl) නවකතාවේ අවසානය
මං කියනදේට ඔයා දිගින් දිගට බීරිනම්, නිශ්ශබ්ද වෙලා ඉන්නවා හැර මට කරන්න වෙන දෙයක් නෑ..
- ඈ එවූ පණිවිඩයකින්
බිහිරිකම නෙමෙයි චංචලා
මගෙ හදවතයි දොඩමලු
රෑදෙකක් නිදි මැරූ හීනෙක
දෙමගක ඇවිත් එක මගක ගිය උදයක
ගෙවී ගිය තීරණාත්මක තත්පර කීපය
දෙමගකට වෙන් කරන ඉරණමක් ලියවුණේ කොහොමද?
ඒ පේරාදෙණි මොහොතෙ
හෙවණ දුන්නෙත් අපි දෙන්නට
යාපහුවෙ මුණ ගැහුණු දොඩමලු සිංහයාමයි
අමතකද?
මං හැදුවෙ පියවරක් ළංවෙන්න
ඒවුණත් චංචලා,
මතකයිද තිබ්බ හැටි ඔය බරැ‘ති ‘පොත් මිටිය?
කුරිරු ලෙස අවකාශය අවුරමින් අප අතර
ඒ හඬට ගැස්සුණා හදවතම
හන්තාන මහකන්ද හිටිවනම මුල් ඇද්දා අපි අතර
පොත්වලින් හදවතක් ඇරෙනවා දැක්කාට
පොත්වලින් හැඟීමක් වැහෙනවා දැක්කමයි චංචලා
බිහිරිකමමත් නෙමෙයි චංචලා
ඒ හදවතයි තාමත්ම දිවා රෑ මේවිදිහ
ඔව් ඇත්ත,
කවි හිතක් කීද්දුනා තමයි
ඒත් ඒ හිත තාම හරි බරයි චංචලා
වෙලුම්පටි බැඳගත්ත සිහිනයක
දෙපාමුල නැවතෙන්න
ලේගලන හදවතක
සෙනේ ඔසු තවරන්න
සියුම්වට සියුම්වට නළල අතගාලන්න
පුලුවන්ද කවියකට?
චවන තුනකට පර්යාය හැඟිමක්
මියනොහී රැකගන්න
පුංචිම පුංචි කවියකට පුලුවන්ද චංචලා?
*****
පේරදෙණියට තාම එදාවගෙ සීතලයි චංචලා
මං තාම එ්වගෙම සිංහ රුව පාමුලම
හුස්ම වැටෙනකං ඉන්නවා
එදාවගෙ හිමිදිරියෙ
දෙමගකින් එක්වෙන්න
මීදුමැ‘ති නිම්නයක
එකම මගියා වෙන්න
ආයෙ එන්නෙම නැද්ද චංචලා..?
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
(2020.01.23)
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete