Wednesday, July 23, 2025

අප මියෙන්නම අවැසිනම්

 


අප මියෙන්නම අවැසිනම්,

නොමැරෙමුය සූකරුන් විලසට.

අපකීර්තිමත් තැනෙක දඩයම් කළ,

ශාපලත් අප ඉරණමට සරදමින්

උමතු - කුසගිනි සුනඛයින් උඩුබුරන


අප මියෙන්නම අවැසිනම්

මියැදෙමුය උදාරව.

වැගිරෙනා අප රුධිරය නිෂ්ඵල නොවන්නට;

බැඳෙනු  ඇත ගෞරව කරන්නට

මියැදුනත් අප එවිට

රාක්ෂයින් අප අභියෝග කළ 


ඔහ් සහෝදරයිනි, මුහුණ දිය යුතුය පොදු සතුරාට!

සුළුතරය වුවද අප, නිර්භීතකම පෙන්විය යුතු.

ලද දහස් සතුරු පහරවල් වෙත

එක් මරණීය පරහක් දෙමු.

කිම්ද තිබුණත් විවිර වූ සොහොනක් අප ඉදිරියේ?


මිනිසුන් මෙන්, මුහුණ දෙමු  බියගුළු මිනීමරු රැළට,

බිත්තියට තදවෙමින්, මියෙමින්, නමුත් ආපසු සටන් කරලමු!  - ක්ලෝඩ් මැකේ (if we must die)  [Translated by: Prasad Nirosha Bandara]

No comments:

Post a Comment