රිදී මසු වත
ගෙහිමි සිත් සනහන
ආලින්ද මේස
සරසන
ලොකු කුඩා ටැංකි මත
ගර්වයෙන්
ඇවිදින
සලමින් සරල් වරලින
රිදී මාළුවනි
ලස්සන
සමචතුරශ්‍ර ලෝකය
මිසම හැර
ඉනෙ’පිට
වපර දෑසින්
නරඹන
පිළිකුල් දෑස් හැකිළෙන
සලමින රිදී වරලින
ගර්වයෙන්
ඇවිදින
වෙසෙයි නිබඳ සුසුමින් කෘත්‍රිම වළඳන
දිලෙයි නිතින එළියෙන නියොන් දැල්වෙන
යැපෙයි ලොබින ප්ලාස්ටික් ශාක උලමින
පෙනයි එතුළ තුඟු සුර විමනක් ලෙසින
පුළුලුකුල
අවකාශය,
ගණඳුරෙහි එගැඹුර
නොවෙද දුටුවේ
සකි සඳ
අකමැති වුවද බලනට
වටහා ගතිද එසැණින
මේ පැනිති කෙම් බිම,
සමචතුරශ්‍ර
තුනී
ලෝකය
මිස
ඉන් පිටැ’ති
ජීවිතේ රුදු දාහය
පුලුටු ගඳ මරණය
පෙනනා හෙයින්
විනිවිද
නොදුටුවෙද නොඑසේනම්
සිර කොට තබා අත් බැඳ
ගෙහිමි සිත් සැනසෙන
පටු අවකාශ තලයෙක
හිටුවා පස් ගසන
මේ තුනී
වීදුරු බැමි
මා උඬඟු සකි සඳ
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
No comments:
Post a Comment