ලිලී, ලිලී… මම සුසුම් හෙළමි
භග්නාශාවන්ගෙන් හා සුන් පැතුම් සහිතව
පීඩාවෙන් මිරිකී මියයමින් හිඳිනෙමි
මගේ ආත්මයේ එළිය මට අහිමි වී ඇත
එනමුදු මගේ ප්‍රේමය නොකැඳවිය අනුකම්පාව
මා සෝචනීයයැ’යි හඟිනවා ඇත ඔබ
ඔව්, දිගටම සිනාසෙන්න - ලස්සනයි ඔබ
අනුකම්පා විරහිතම නිමේෂයන්හිදී පවා
- Translated by: Prasad Nirosha Bandara

No comments:
Post a Comment