Friday, October 8, 2021

සංශෝධනවාදී ගොපලු සිනමාව හා හඩ් (Revisionist Western Cinema & Hud)



‘මාර්ටින් රිට්‘ (Martin Ritt) විසින් අධ්යක්ෂණය කළ ‘හඩ්‘ (Hud) ගොපලු සිනමාවේ ඉතා වැදගත්ම කෘතියක් බව පෙණේ.

ඒ විශේෂයෙන් එය සම්භාව්ය ගොපලු (Classical Western) සිනමාවේ සම්මුතීන් තවමත් සම්පූර්ණයෙන් ගොපලු සිනමාවෙන් බැහැර නොවුණු, 1963 වගේ කාලයේදී නිර්මාණය වීම නිසා පමණක් නොවේ. ඒ වෙනවිටත් ප්රතිසංස්කරණාත්මක ලක්ෂණ ගොපලු සිනමාවේ තිබුණද, හඩ් ගොපලු සිනමාවේ - සංශෝධනවාදී නැඹුරුවෙහි තේමාවට හා ආකෘතියට පවා විප්ලවීය වෙනසක් කළ සිනමා කෘතිවත් බව සිතිය හැකි හෙයිනි.
හඩ් සිනමා කෘතියේ ප්රධාන චරිත කීපයක් වටා මූලික වශයෙන් ගොඩ නැගේ.
1. කථා නායකයා වන ‘හඩ්‘ (Hud Bannon) - [Paul Newman රඟපායි]
2. ඔහුගේ පියා වන ‘හෝමර් බැනන්‘ (Homer Bannon) - [Melvyn Douglas රඟපායි]
3. හඩ්ගේ බෑනා වන ‘ලෝනි බැනන්‘ (Lonnie Bannon) නම් ගැටවරයා - [Brandon deWilde රඟපායි]
4. හඩ්ගේ නිවසේ ගෘහ සේවිකාව වන ‘ඇල්මා බ්රවුන්‘ (Alma Brown) - [Patricia Neal රඟපායි]
ඒ අතර වැදගත් චරිත වේ.
තමා ගැනම හිතන උඬඟුවකු හා සල්ලාලයකු වන හඩ් වෙසෙන්නේ තම පියාට අයත් ගව ගොවිපොළක් මැද වූ නිවසෙහිය. එසේ නමුත් හඩ් හා ඔහුගේ පියා අතර සමීප සම්බන්ධයක් නැති බව පෙනේ. ඉවසිලිවන්ත බුද්ධිමත් මිනිසකු සේ පෙනෙන හඩ්ගේ පියා ඔහු සමග සමීප සම්බන්ධතාවක් පවත්වා නොගන්නේ හඩ්ගේ පාලනය කළ නොහැකි ක්රියාවන් නිසාම බව හැඟේ. එසේම හඩ්ගේ පියා තම මුණුපුරා වන ලෝනි, හඩ් සමග වැඩිපුර ඇසුරට යනවාට නොකැමති වේ. ඒ ලෝනි නරක්වේය යන බියෙනි.
ගොවිපලේ ගවයින් කිසියම් හේතුවක් නිසා මියයන්න පටන්ගැනීම සිදුවේ. පියා රජයේ පශුවෛ්යෛවරයා ගෙන්වීමට යයි. හඩ් ඊට විරුද්ධ වෙයි. ඔහු කියන්නේ රෝගය තවදුරටත් සතුන් අතර බෝවීමට පෙර ගවයින් වෙන කාට හෝ විකිණිය යුතු බව. රජෙය් පශුවෛද්යවරයා ගෙන්වූ පසුව හෙළිවන්නේ එය foot-and-mouth disease ලෙස හැඳින්වෙන රෝගයකින් සිදුවන බවයි. ඒ අනුව ඔවුන් වෙන්කර තැබීමට මුලදී නිර්දේශ වේ. නමුත් පශු වෛද්යවරයා පසුව කියන්නේ මේ රෝගය මේ ගොවිපොලෙන් පිටතට නොයන්නට සියලු ගවයින් මරාදැමිය යුතු බවයි. මීට හඩ්ගේ පියා දැඩිලෙස දුක්වන්නේ ඔහු තමන් හඩ් ඇතුළු යටකී පිරිසත් එහි සේවය කරන සෙසු සේවකයනුත් ජීවත් කරන තම ගවපට්ටියට ආදරේ කරන නිසාවෙනි.
හඩ්ගේ නොහික්මුණු ආත්මාර්ථකාමී ක්රියා වගේම බේබදු සල්ලාලකම් සමග කතාව ඉදිරියට යන අතර ඔහුගේ හා පියාගේ ගැටුම ද ඒ සමගම ගලා යයි. මේ අතර හඩ් පියාගෙන් ගොවිපළ තමාට පවරා ගැනීමට වෑයම් කරයි. නොයෙක් සටකපටකම් කරයි. පියාට මහළු නිසා එය පාලනය කරන්න බැරි බව කියයි. හොර පාරවල් වලින් ගොවිපළ තම නමට ලියවා ගැනීමට බලයි. ලෙඩ, මහළු හරකුන් පියාට උපමා කොට විවිධ හාස්ය වදන් කියයි.
අවසන ගවයින් මරාදැමීමට තීරණය වේ. ඒ රජයේ පශුවෛද්ය ආයතනයට අයත් කණ්ඩායමක් රයිෆල් ගෙන ඊට සූදානම් වේ. ගවයින් කපන ලද වළකට සෙලවිය නොහැකි ලෙස කිටි කිහියේ හිරවන ලෙස දක්කයි. ගොපලු වීරයාද තම රයිෆලය ගනී. සියල්ල එකතුවී සෙලවීමට පවා නොහැකිව සිටින ලෙඩ හරකුන් වෙඩි තබා ඝාතනය කරති. හඩ් සිනමා පටයේ ගොපලු වීරයාගේ වීශාලතම අවි හරඹය එයයි...!



මෙසේ හෙල්ලනේනවත් බැරිව කිටි කිටියේ ගුලිවී සිටින ලෙඩ හරක් ඝාතනය කිරීම ගොපළු වීර චරිතය සම්බන්ධයෙන් සිනමාවේ ඇති උත්ප්රාසාත්මකම අවස්ථාවක් බව කිව හැක.
සිදුවූ දෙයින් පියා දුක් වේ. ගොවිපලේ ගවයින් නැති නිසා, සේවකයින්ට රැකියාව අහිමි වේ. ඔවුන්ට නිවෙස් බලා යෑමට සිදුවේ. ගෘහ සේවිකාවද ගම බලා පිටත් වේ. ඇය ස්ටේෂමට ඇරලා එන ලෝනිට මගදී හඩ්ගේ රථයද හමුවේ. හඩ් පිටුපසින් විත් ලෝනිගේ රථය හප්පයි (විනෝදයට!). මේ අතර ලෝනි, හඩ්ගේ පියා, තම සීයා වේදනාවන් පාර දිගේ බඩගාමින් සිටිනු දකී. රේස් යමින් සිටි රථ දෙකට සීයා යටවීමට තිබුණු අවස්ථාව අමාරුවෙන් ලෝනි වලක්වාගනී.
අසනීපයෙන් හා ශෝකයෙන් හඩ්ගේ පියා මියයයි.
තමංගේ සහකරුවා ලෙස සිටින ලෙස හඩ් තම බෑනා වන ලෝනිට කියයි. නමුත් ඔහු එය ප්රතික්ෂේප කරයි. ඔහු සීයාගේ උපදෙස් අනුගමනය කරන බව හඩ් දෝෂාරෝපණය කරයි. එය නොතකා, තමා සතු කොටස බැංකුවට දමන ලෙස පවසා ලෝනි ගමින් පිටත්වේ. හඩ් තරහින් ගෙට ඇතුළුවී බියර් ටින් එකක් පානය කර සිගරට්ටුවක් දල්වා ගනී. උපහාසාත්මක සිනාවක් මවාගනිමින් ලෝනි පිටත් වූ දෙස කෙටි සංකේතාත්මත අත වැනීමක් කරයි. එහි ඇත්තේ ‘උඹලා සියල්ලම නැතුව වුවද මට හොඳට ජීවත් වෙන්න පුළුවන්‘ වැනි උද්දච්ච හැඟීමකි. සිනමා පටය නිමවේ.

ගලවාගන්නාගේ භූමිකාව
------------------------------------------
සාම්ප්රදායික ගොපලු සිනමාවේ වීරයා බොහෝ විට මිනිසා නපුරෙන් ගලවා ගන්නකු විය. ඇතැම් විට ඔහු ක්රිස්තු චරිතයේ ප්රතිනිර්මාණය ලෙස විචාරකයෝ කීහ. ( The archetypal hero of the western is a redeemer, a Christ figure who can tip the balance between good and evil..)
එසේ නමුත් පසු කාලීනව ඇතැම් සිනමාපට වල මේ චරිතය විවිධ අයුරින් ඒ තත්ත්වයෙන් මිදුණි. ඒ අනුව ඔහුට මනුෂ්ය ස්වභාවය ආදේශ විය. ඇතැම් විට වීරයෙක් වෙනුවට ප්රති වීරයෙක් විය.
High Noon (1952) සිනමාපටයේ කතානායකයා වන ‘මාර්ෂල් විල් කේන්‘ දිවි බේරාගන්නේ ඔහුගේ එදින විවාහ වූ මනාලිය වන ‘ඇමී ෆෝලර්‘ සතුරෙකුට වෙඩි තැබීම හා අවසන දුෂ්ඨයා වූ ‘ෆ්රෑන්ක් මිලර්‘ සමග පොරබදා ඔහුගේ ඉලක්කය අවුල් කිරිම නිසාය. එසේම ඔහු සටනට යන්නේද ඉතාම දුරදිග බලමින්, වෙන කළ හැකි දෙයක් නොමැති වීම නිසා මෙනි. ඔහු ‘ෆ්රෑන්ක් මිලර්‘ ඇතුළු සහචරයින් සමග සටන් කරන්නට ප්රදේශවාසීන්ගේ සහයෝගය ඉල්ලන නමුත් ඔවුන් එනකු නොවේ. Soldier blue (1970) සිනමාපටයේදී වීරයා වෙනුවට ප්රතිවීරයෙක් (Anti hero) නිර්මාණය වන අතර ‘ක්රෙස්ටා ලී‘ නම් සුරූපී තරුණියගේ චරිතය වීරයාට වඩා වඩාලාත් නැගී සිටී. The wild Bunch (1969) සිනමාපටය අවසන් වන්නේ කිසිදු වීරයෙක් මතුවීම වෙනුවට, සිනමා පටය පුරා සතුරු මිතුරු පාර්ශ්ව අතර සිදු කෙරුණු ලැබූ ප්රචණ්ඩත්වයන් හා ඝාතනයන් කෙරේ කලකිරුණු, කඩාවැටුණු ප්රතිවීර චරිතයන් ඉතිරි කරමිනි.
මේ තත්ත්වය වෙනස් කරමින් ඉහත ගලවාගන්නාගේ භූමිකාවට සාම්ප්රදායික ගොපලු වීරයා යලි ගෙන ආ පසු කාලීන වැදගත් නිර්මාණයකි ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ (Clint Eastwood) Pale Rider (1985) සිනමාපටය. එහි කතා නායකයාට නමක් නොමැති අතර සියලු දෙනා ඔහුව හඳුන්වන්නේ Preacher (දේශනා කරන්නා) යන නමිනි. එසේම ඔහු ආගමික ලෝගුවක් ඇඟලා සිටී. වැදගත්ම කාරණය වන්නේ ඔහු නපුර විසින් විනාශයට පත්ව ඇති ජනතාව අතරට එන ආකාරයයි. සතුරන් විසින් ඇතිකරන ලද පීඩනයට එරෙහිව කතා නායිකාවක වන 14 හැවිරිදි යෞවනිය, ‘මේගන් වීලර්‘ (Megan Wheeler) දෙවියන් අයදී. ඇය දෙවියන්ට කියන්නේ ඔබ ඇත්තටම ඉන්නවානම්, එකම එක ප්රාතිහාර්යයක් පා අප වෙත උදව් කරන ලෙසයි. ඒ අතර වෙන ගමනක් යන්න ගිය කථා නායකයා අහඹු සිදුවීමකින් ගමට සම්ප්රාප්ත වේ!
හඩ් සිනමා පටයේ. කථා නායක ‘හඩ්‘ අපට මුලින්ම මුණ ගැසෙන්නේ එක්තරා උදෑසනකය. ඔහු කළින් දා රාත්රිෙය් යම් මිනිසකුගේ ගෙදරකට ගොස් තිබේ. ඒ එම මිනිසා ගෙදර නැති අතර ඔහුගේ බිරිඳ හා අනියම් සම්බන්ධතාවක් පැවැතිවීමටයි. පසුදා උදෑසන ගෙදරට එන සැමියාටද මෙය හසුවේ. නමුත් ඒ වන විට හඩ් සොයා හොයා පැමිණි බෑනා වන ලෝනි යොදාගනිමින් උපක්රමශීලීව හඩ් ඇගේ සැමියාගෙන් ගැලවේ.
සාම්ප්රදායික ගොපලු සිනමාවේ ගොපලු වීරයා මෙවන්නක් සිදු කරන්නෙක් නොවේ. ඉඳහිට ඔහු ප්රේම සම්බන්ධතා පවත්වන නමුත් මෙකී ස්වරූපයේ ක්රියාවන් වලට නො පෙළඹේ. එපමණක් නොව පසු අවස්ථාවකදී ‘හඩ්‘ බීමත්ව තම නිවසේ ගෘහසේවිකාව වන ඇල්මාව දූෂණය කරන්නටද යයි. ලෝනි පැමිණ දැඩි වෑයමෙන් ඇල්මා ඔහුගෙන් බේරාගනී.
ඒ අනුව ඇත්තටම හඩ් කවුද? සිනමා පටයේ ඔහුගේ පියා, බෑනා හා ගෘහ සේවිකාව ඇතුළු පොදු සමාජය යහපත වෙනුවෙන් පෙනී සිටී. ඉන් විපරීත ලෙස හඩ් කරන්නේ වරද වෙනුවෙන් පෙනී සිටීමයි. හඩ් යනු සාතන්ගේ ප්රතිමූර්තියද ,නොඑසේනම් ධනවත්යැයි සිතිය හැකි පියකුගේ මෝඩ පුතකුගේ සැබෑ මනුෂ්ය ප්රතිමූර්තියද?

තවත් ලක්ෂණ
-------------------------
සාමාන්යෙයන් සාම්ප්රදායික සිනමා කෘතියක ගොපලු වීරයා තම කාර්යය කළ පසු එහි රැඳී නොසිටී. ඔහු පිටත්ව යයි. නමුත් හඩ් එසේ නොකරයි. අනික් අය ඔහු සමග සිටීමට බැරිව හා ගොවිපළ විනාශවීම නිසා පිටත් වෙද්දී ඔහු එහි රැඳී සිටී.
ඒද නපුරෙන් බේරාගත් ස්ථානයක නොව, රෝගයක් (නපුර) විසින් විනාශ කර දමන ලද විසල් හිස් භූමියකය.
සාම්ප්රදායික කව්බෝයි වීරයා යම් තරගයකට සහභාගී වේනම් ඒ වෙන්නේ ඔහුගේ වීරකම ඉස්මතුවන තරගයකටය. හඩ්ද වරක් තරගයකට සහභාගී වේ. ඒ සෙසු ගොපලු චිත්රපටවල වීරයින් මෙන් අසුන් මෙල්ල කිරීම වැනි පරමාදර්ශී තරගයකට නොවේ. ඌරන් මෙල්ල කිරීමටය! සැබවින්ම ඉන් හඩ් ජයග්රහණය කරයි!!
සාම්ප්රදායික ගොපලු සිනමාපටවල ගොපලු වීරයා ස්ත්රීන් දූෂකයින්ගෙන් බේරා ගනී. ඔවුන් මධුවිත පානය කළත් සීමාව ඉක්මවා එය නොකරයි. නමුත් පෙර කීවා සේ හඩ් කරටි කැඩෙන්න බීගෙන ස්ත්රීන් දූෂණය කරන්නට යයි. අනුන්ගේ විවාහක ගෑනුන් සමග ප්රසිද්ධියේ සල්ලාල සම්බන්ධතා පවත්වයි.
සාමාන්ය ගොපලු වීරයා තම රිවෝල්වරය, රයිෆලය හෝ වෙනත් ආයුධයක් එලියට ගතහොත්, ඉන් සතුරන් මැරී වැටෙන්නේ ක්ෂණයෙනි. ඔහුගේ කිසිදු ඉලක්කයක් නොවැරදේ. නමුත් හඩ් වෙඩි තියන්නේ කළින් සඳහන් කළ විදිහට, හෙල්ලෙන්නට බැරිව සිටින ලෙඩ හරක්ටය.
තවත් අවස්ථාවක ඔහු ගස්වල වසා ඇති කුරුල්ලන්ට වෙඩි තැබීමට සැරසෙයි. පියා පෙන්වා දෙන්නේ එම කුරුල්ලන්ට මැරීම නීතිවිරෝධී බව සහ උන් රට පිරිසිදුව තබාගැනීමට උදව් කරන බවයි. නමුත් නීතිය තමන්ට වදයක් බව කියමින් හඩ් ඒ නොතකා ගසේ වසා සිටින කුරුල්ලන්ට රයිෆලයෙන් වෙඩි තබාගන තබාගෙන යයි. නමුත් ඒ වෙඩි කුරුල්ලන්ට වදින බවක් පේන්නේ නැත.!




එක් අවස්ථාවක හඩ් සහ ලෝනි සමාජ ශාලාවකදී යම් රණ්ඩුවකට පැටලේ. එහිදී හඩ් සහ ලෝනි බේරෙන්නේ උපක්රම ශීලීව ප්රතිවාදීන් රවටා මිස ස්වකීය හැකියාවෙන් නොවේ. ලෝනිට ප්රතිවාදියාට පහර දීමට ඉඩ හදා පිටුපසින් ගොස් හඩ් ප්රතිවාදියාගේ කරේ එල්ලී සිටීම එවැනි එක් උපක්රමයකි!
සාමාන්ය ගොපලු වීරයකුගේ මෙන් නිර්භීත වීරත්වයක් නොව හඩ් මගින් දිගින් දිගට නිර්මාණය කරන්නේ, පැය විසිහතරේම බීගෙන විකාර නටනන ප්රතිවීර (Antihero) චරිතයකි.
හඩ් සිනමා කෘතියේ සාමාන්ය ගොපලු සිනමා පටයක තියෙන බොහෝ පසුබිම් කාරණා ඇත. කාන්තාර, කඳුවැටි, ගිජු ලිහිනියෝ, අවන්හල්, අශ්ව ධාවකයින්, මත්පැන් පානය, ලෑලිවලින් තැනූ ගොපලු සිනමාවට ආවේනික වූ ස්වරූපගේ ගෙවල් හා වීදි, පුළුල් රූප රාමු ආදී සියලු දේ ඇත. අශ්ව ගාල් වෙනුවට මෙහි ඇත්තේ හරක් ගාල්ය. සතුරන් නැති අතර කථානායකයාගේ මූලික සතුරා තම පියාය!
රිවෝල්වරය සහිත බඳපටිය නැතත්, හඩ්ගේ බාහිර ස්වරූපය හා ඇඳුම් පැළඳුම් සෙසු බොහෝ ගොපලු වීරයින්ගේ චරිතවල බාහිර ස්වරූපයට සමපාත වේ.
හඩ් සිනමා කෘතිය පලිගැනීම වැනි ආඛ්යානයක් මත ගොඩනැගුණු එකක් නොවේ. ඒ අනුව හඩ් සිනමා කෘතියේ පැහැදිලි කතාවස්තුවක් නැති තරම්ය. එවන් තත්ත්වයක් තුළ, ප්රේක්ෂක අවධානය නොබිඳෙන අයුරින්, පිය පුතු සම්බන්ධය හා හඩ්ගේ ස්වරූපය ගැන ගැඹුරු කාරණා මතු කරන ආකාරය අතිශ්ය අභියෝගකාරී වී ඇතත් සිනමාකරුවා එය ජයගනී.
හඩ් සිනමා කෘතියේ, ඇති යට සඳහන් කළ එකම එක සටන් දර්ශනය රෂෝමෝන්හි සොරාත් සමුරායි වරයාත් කළ සටනේ ස්වරූපය අනික් පාර්ශ්ව හෙළි කළ ස්වරූපයේ එකක් මිස සාම්ප්රදායික ගොපලු වීරයා කරන රෝමෝද්ගමික සටනක් නොවේ.
හඩ් සිනමා පටය ගොපලු සිනමාවට වෙනස්ම තේමාත්මක මානයක් ලබා දුන් සංශෝධනවාදී සිනමා කෘති අතරද වඩාත් කැපී පෙනෙන ඉතාමත් වැදගත්, රූපකාර්ථ කියැවීම් රාශියකට යා හැකි තීරණාත්මක සිනමා කෘතියක් බව මා පෙර සඳහන් කළේ මේ නිසාය.

- ප්රසාද් නිරෝෂ බණ්ඩාර

4 comments:

  1. බොහෝ ගොපළු සිනමා නිර්මාණ නරඹා ඇති නමුත් මෙය මා නොදුටු මානයක්.

    ReplyDelete
  2. ගොපළු චිත්‍රපට!
    ඔව් ඒ මා නැරඹීමට කැමතිම චිත්‍රපට ගොනුව යැයි කීවත් සෑහෙන් දුරකට හරි! මම මේ යටින් ලියාන ප්‍රකාශය ලියන්නේ මාගේ නොදැනුවත් කම නිසාමයි! මට හිතෙන්නේ "හඩ් ට සිදුව ඇත්තේ ඒබ්‍රහම් ලින්කන්ගේ පුත්‍රයාට සිදුවූ දෙයමයි. මන්ද ඒබ්‍රහම් ලින්කන් අදටත් ලෝක ගරු සම්මානයට පාත්‍ර වූ චරිතයක් උවත් ඔහුගේ පුත්‍රයාව අමෙරිකාව විසින් අමතක කර දැමුවා.
    මට මේ ඔබගේ සටහන කියැවූ විට මතක් උනේ කන්ද උඩ දේශනාව. "ලුනෙහි ලුනු රස නැතිවූ කලෙක එය කිනකින් නම් රසවත් කරන්නෙම්ද?" එලෙසම ගොපළු හෙවත් බටහිර චිත්‍ර පර ප්‍රේමීන් ලෝලීන් ඒවා නැරඹුවේ; ඒවා වටා රොද බැඳ ගත්තේ ඒවා තුල වූද මෙම චිත්‍ර පටයේ නොමැති වූද ලෙසින් ඔබ මතු කොට ඇති චරිත ස්වභාවයන්, ක්‍රියා දාම, වීරත්වය රස විඳීමට විනා යතාරථවාදී සිනමා කෘථියක් රස විඳීමට නොවන බව මාගේ හැඟීන්මයි.
    වරෙක ටයිටස් තොටවත්තයන් රූපවාහිණියට පැමිණ මේ පිළිබඳව සුන්දර කථා බහක යෙදුනා. ඔහු කියනවා; සිනමාවෙන් පෙන්වන අභව්‍යය දේවල් පිළිබඳව ප්‍රේක්ෂකයා තුල විශ්වසණීයත්වයක් ඇති කිරීමට සිනමාකරුවා සමත්විය යුතුයි කියා! ඔහු මීට උදාහරණයක් ලෙස "ඉන්ඩියානා ජෝන්ස්" චිත්‍රපට පෙලේ එක් චිත්‍ර පටයක ඉන්ඩියානා ජෝන්ස් (හැරිසන් ෆෝර්ඩ්) විසින් වේගයෙන් රේල් පීල්ලක් මත දිවෙන ඩක්කුවක යකඩ රෝදය තම සපත්තුවෙන් තදකොට නවතා දැමීමට කරණා උත්සාහය මතුකර පෙන්වනවා. ඩක්කුව නවතා ලීමට ඔහුට නොහැකි වුවත් ඒ ඔහු ගන්නා උත්සාහය පිළිබඳ විශ්වසණීයත්වයෙන් යුතුව සිතීමට පෙළඹවීමක් සිනමාකරුවා විසින් ප්‍රේක්ෂකයා තුල ඒවන විට ඇති කොට අවසානයි. (චිත්‍රපට පෙලේ පලමු වැන්න වන රේඩර්ස් ඔෆ් ද ලොස්ට් ආර්ක්" චිත්‍ර පටය පුරා ජෝන්ස් පෙන්වූ වැඩ චරිතයද ඊට ඉවහල් වන්නට ඇති!) මෙසේම එකල සිටි නළුවන් විසින්ද ගොපළු චරිතය වෙත ආරෝපනය කලේ සිනමාකරුවාට වඩා ඉහල ප්‍රේරණයක්! උදාහරනයක් ලෙස ක්ලින්ට් ඊස්ට් වුඩ්, ජෝන් වේන්, ටෙරන්ස් හිල් වැන්නෙකු තිරය මත පෙනී සිටීම සමගම අසාධාරණය, නරක, නපුර තවත් මොහොතකින් සුණු විසුනු වී යනු ඇතැයි විශ්වාසයක් ඇතුව ප්‍රේක්ෂකාගාරය තුල සිට අත රැඳි කඩල ගොට්ට අමතක කොට බලා සිටීමට ප්‍රේක්ෂකයින්ව පෙළබවීමට ඔවුන් සමත් වුනා!
    ඔබ සිතන්න ලංකාවේ ගාමිනී, ඉංදියාවේ ඇම් ජී ආර් වැන්නන් සැමදා ඉදිරිපත් උනේ නරකට නපුරට සාතන්ට එදිරිව. සමාජය තුල සිටිය සියළුම සාතන්ලා විසිල් ගසමින් ඒවා නැරඹුවා මිස කිසිදා ඔවුන් එය ප්‍රථික්ෂේප කලේ නැත!
    අනර්ඝ ලිපියක්!

    ReplyDelete
  3. Thanks...!
    ඔබ කියූ කාරණා නිවැරදියි. ඒ නිසාම වෙන්න පුළුවන් ‘හඩ්‘ එතරම් ජනප්‍රිය සිනමා පටයක් නොවුනේ.
    නමුත් ප්‍රතිසංස්කරණාත්මක ගොපළු සිනමාව ගැන හදාරද්දි හඩ් සන්ධිස්ථානයක්. එයින් අදහස් වන්නේ ගොපළු සිනමාව මේ විදිහ විය යුතුයි කියන එකනම් නෙමෙයි කොහෙත්ම

    ReplyDelete