Monday, October 4, 2021

යට ඇඳුම් තහනම සහ ජොගින් ට්‍රැක් හැදීම*




යට ඇඳුම් තහනම ගැන සමාජ මාධ්යෙයේ විවිධ කථා බස් අපහාස උපහාස යනවා. මන්නම් කියන්නේ ඕක තනි අර්ථයෙන් ගන්න එක වැරදියි. ඕක ගන්න ඕන ජොගින් ට්රැක් හැඳීම වගේ මේ ආණ්ඩුවේ අනික් ප්රමුඛ ව්යාපෘති එක්ක එකට.
ක්රීඩාවට අතිශ්ය තැනක් දුන්න ශිෂ්ටාචාර අතර මූලිකම ශිෂ්ටාචාරය ලෙස සලකන්නේ පුරාණ ග්රීක ශිෂ්ටාචාරය. ඔවුන් ක්රීඩාව සිදුකළේ ආගමික කාර්යයක් හැටියට. ඒ යුගයේ ක්රීඩා කිරීමේ මූලික කාරණයක් වුණේ නිරුවතින් ක්රීඩා කිරීම.
අපි ක්රීඩා ගාරයට ඉංග්රීසියෙන් කියන ‘gymnasium‘ කියන වචනයේ සම්භවය ගත්තත් ඒ තුළ තියෙන්නේ නිරුවත් වීම කියන එක. මොකද ‘gymnasium‘ බිඳිලා ආපු ග්රීක වචනය වන ''ගුම්නද්සෝ'' කියන චනයේ අර්ථය වුණේ I remove my clothes කියන එක.
ඒ අනුව ජිම්එකට ගියාම ක්රීඩා කරන්ඩ ඕනෙ නිරුවතින්. ‘නිරුවත්ව ක්රීඩා කරන තැන‘ කියන අර්ථය එන ''ගුම්නාසියෝනි'' කියන ග්රීක වචනෙන් තමයි ''ජිම්නේසියම්'' එන්නේ.



මං ග්රවුන්ඩ් එකේ දුවන සමහර දාට යට ඇඳුම් (බොක්සර්ස්) දෙකක් විතර අඳිනවා. මොකද නැත්තං කකුල් දෙක ගෑවිලා කකුල් කැපෙනවා ඇතැම් විට. ඒ ඇඳුමුත් ටික දවසකින් ඒ ඇඳුම් වේගයෙන් ගෙවිලා යටින් තඩි හිලක් හැදෙනවා...!
මං කියන්නේ, දැන් මේ ඇඳුම් තහනම් නිසා අපිට ක්රීඩාවේ සැබෑ අර්ථය හොයාගෙන යන්න පුළුවන් කියන එක.
ඉතිං ජොගින් ට්රැක් හදනින් ගමන් යට ඇඳුම් ඇඳීම අධෛර්යමත් කරන එක ඩොලර් නැතිකම නිසා ගත්තු තීන්දුවක් විදිහට සලකන එක වැරදියිි. ඒක ක්රීඩාවේ නව අර්ථ සොයා යෑමට ගත් සවිඥානික තීන්දුවක් විදිහට ගන්න ඕන. ඇතැම් විට අලුත් ක්රීඩා ඇමති තුමාගේ සංකල්පයක් වෙන්නත් පුළුවන් ඕක පැහැදිලිව.
ක්රීඩාව පිළිබඳ විශාල හැදෑරීමකින් යුතුව මිනිස්සුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්යය වෙනුවෙන් ගත්තු හොඳ තීන්දුවකට අපහාස කරන එක වැරදියි.
ඔය තින්දුවෙන් හානියක් වෙනවානම් වෙන්නේ කුණු විකුණලා ජීවත්වන මාධ්ය අයිතිකාරයින්ට විතරයි. මොකද උන්ට ආපහු ලියන්න බෑ ‘රිය අනතුරක් කළ වෛද්යවරිය යටට ඇඳලත් හිටියේ නෑ‘ වගේ පල් හෑලි. හොඳවැඩේ ඕකුන්ට. අපිනම් අලුත් ක්රමේට හැඩගැහෙනවා ඕං. ඒ ගැන හිතත්දිත් මද පවනක සැහැල්ලුව දැනෙනවා මටනම් ඕං..
සුබපැතුම්..!!



- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


* යට ඇඳුම් ඇතුළු භාණ්ඩ කීපයක් ආනයනය සීමා කිරීමට (2021 සැප්තැම්බර්) මහ බැංකුව ගත් නීන්දුව හා සම්බන්ධ සටහනකි

3 comments:

  1. පිස්සු රටක ජීවත් වීමේ වාසිද ඇත

    ReplyDelete
  2. ඔව් ඔයාල අලුතින් ලියන්න අර කියපුව ඇඳගෙන හැබැයි

    ReplyDelete