Thursday, March 19, 2020

My Korean Sweetheart


Kumu...
My imperious
Korean sweetheart 

'Actually who gave you that name?'
Rosy cheeks, the aspect with wide smile 
Flashy countenance 
In every time I smile

On that every recherche day in our happy life 
I'll not forget the joke 

Is that imitation earings 
Really suit for you 
Korean type pale ears ?

This isn't a lie Kumu
It's really fantastic 
That name of Korean style 
Alabaster sharp little nose
Strange color of the eyes that indicate inevitable entanglement 

Aren't these cultural Koreas
Processing in between us ?

Are there exist anyone 
Who can understand significance beating in two hearts

In a moment that the loneliness is overflowing 
I take the phone call 
My Korean sweetheart is at the other end

Cuss words are overspilling often 
I've no straight answers 
For your sole question
In a petulant tone from the other end

That's not the lovelessness Kumu
Lust is another way of flowing of love

There are enormous number of times that the doubt is haunting in my mind
In everyday my erotic datings - phone calls rejected 

I know the feeling of strain 
Babysitting a child in the eyes of you
Struggle of life - gnashing burden 
But I also become dubious 
Isn't it because of love?

Yeah it's true
Pennilessness - poverty 
Is not much stricken on me as for you 
But it's not correct that the way you think
Both of us are in the same world 

***************
I'm not Kim Jong-Un in your world of romance 
If so, I'll fortify our world of love 
With a great wall which is bigger than that in China
To prevent hurt even from a glance at you 
To prevent anyone reach our mysterious world 

But my love
I've lost the key to my life for sometime 
Yes I know, you've lost it before me

So,  both of us
Have to wait 

Kumu...
My imperious 
Korean Sweetheart 
It's strange to find lost keys in a life without a respite 
Korean cultural slave chains are so evil .


- Prasad Nirosha Bandara - මගෙ කොරියානු පෙම්වතී

  [Translated by Wojith Karunanayake]

Monday, February 3, 2020

No comeback forever ?





If you are continuously deaf to what I say, I cannot do anything except remaining silent.

- A message from her


------------------------------------

That's not deafness Chanchala
It's my heart that speaks


In a dream of a couple of sleepless nights
On a morning in which we came on two paths and went on a one single path
In critical seconds that elapsed
How could a destiny is written
to separate us into two paths


In that moment at Peradeniya
It's the talkative lion who met us at Yapahuwa
was sheltering us
Can't you remember Chanchala ?


I tried to close to you by a one step
But Chanchala
Do you remember the obstructing stack of books
Which was maliciously occupying the space between us...?


That sound made my heart shivering
The great mountain of Hanthana stood steadfast suddenly in between us


Even I've seen that books open a heart
That was the first time I saw a feeling was closed by books


It's not just the deafness Chanchala
It's the same  old heart remaining day and night like this


Yeah, it's true
A poetic mind awakened
But that mind is so ponderous Chanchala


Can a poem
Stop at the feet
In a bandaged dream
Apply medicine of affection
To a bleeding heart
Rub the forehead
In a gentle smoothness ...?


Chanchala, can a little sonnet
Revive a dying  feeling
That similar to three words ?


*****
Chanchala ,
Peradeniya is chilly as then
I'm still at the feet of the lion statue
Expecting the inspiration


Aren't you comeback forever Chanchala
In the dawn as before
To unite, coming from two roads
To become the sole traveller
In misty valley


- Prasad Nirosha Bandara - ආයෙ එන්නෙම නැද්ද?

  [Translated by Wojith Karunanayake]

Saturday, January 25, 2020

මගෙ කොරියානු පෙම්වතී





කුමූ..
මගේ මහේශාඛ්‍ය
කොරියානු පෙම්වතී

‘කවුරුනම් තිබ්බාද හැබෑටම ඔය නම?‘
මං හිනාවෙන හැමවිට
රතුකරගත්තු කම්මුල්, මදහාස බැල්ම
ක්ෂණික විහිදුම් එපිට බැල්මක්

සතුටින් පිරුණු අපේ ජීවිතවල ඒ දුර්ලභ හැම දවසම
අමතක කරන්නෑ කවටකම මම

කොරියානු පන්නයේ සුදු දෙකම්පෙතිවලට
ඉමිටේෂන් කරාඹුව
ඇත්තටම ගැලපෙනවද?

බොරුවට නෙමෙයි කුමූ
ඇත්තටම අපූරුයි
කොරියානු ඌරුවේ ඔය නම
කිරිගරුඪ හීන් නාසය
පැටලෙන්නම සන්කරන ඇස් දෙකේ අමුතු වර්ණය!

සංස්කෘතික කොරියාවන් නෙමෙයිද මේ
අපි අතර වැඩකරන?

දෙහදක් ගැහෙන හැඟවුම්
තේරුම් ගන්න හැකි අයෙක් ඉන්නවද?

පාලුව පිටාරගලන මොහොතක
මංගන්නවා දුරකථන ඇමතුම්
මගෙ කොරියානු පෙම්වතී අනික්පස

වල්වචන වක්කඩ කැඩෙනවා නිතරම
අනික්පස නොරිස්සුම් ස්වරයෙන්
ඔබ අහන එකම ප්‍රශ්නෙට
ඉතිං ඍජු උත්තර නෑ මට
‘ඔයාට ඕනෙ ඒකම විතරද මගෙන්?‘

ආදරේ නැතිකම නෙමෙයි කුමූ
රාගය කියන්නෙත් ආදරේ පිටාරගලන එක විදිහක්

සැක හිතෙන වාර අනන්තයි මටත්
මගෙ සරාගික මුණගැසුම් - දුරකථන ඇමතුම්
ප්‍රතික්ෂේප වෙන හැම දිනකම

කොතරම් වෙහෙසදැ‘යි මං දන්නවා
දරුවකුත් ඇස අගම ගැටගහන්
දිව විකා බර අදින - ජීවිතේ අරගලය
ඒ වුණත් මටත් සැක හිතෙනවා
ආදරේ නිසාම වෙන්න බැරිද ඒ?

මිළමුදල් - අගහිගකම්
ඔබට තරමට අඩුයි ඇත්තයි
ඒත් ඔබ හිතනහැටි වැරදියි
අපි දෙන්නම ඉන්නෙ එකම ලෝකෙක
***********
ඔබේ ආදර ලෝකයේ කිම් ජොන්ග් උන් නෙමෙයි මං
අපෙ ප්‍රේම ලෝකය වටකරලා
චීන මහාප්‍රාකාරයටත් වඩා ලොකු බැම්මක්
එහෙමනම් බඳිනවා සත්තයි
බැල්මකින් පවා රිදවන්න බැරිවෙන්න ඔයාහට
ළංවෙන්න බැරිවෙන්න කාටවත් අපේ රහස් ලෝකෙට

ඒ වුණත් පෙම්වතී
මගෙ ජීවිතේ මෙහෙයවන යතුර
මට නැතිවෙලා ටික කාලයක් වෙනවා
ඔව්, ඔයාට ඒක නැතිවුණේ
මටත් කළියෙන් බව දන්නවා

ඉතිං අපි දෙන්නට
ඉවසන්නටම වෙනවා

කුමූ..
මගේ මහේශාඛ්‍ය
කොරියානු පෙම්වතී
ඉස්පාසුවක් නැති ජීවිතේ නැතිවුණු යතුරු සොයන්නට නුහුරුයි
සංස්කෘතික කොරියානු වහල්බැමි හරි නපුරුයි

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
20.01.26

Thursday, January 23, 2020

ආයෙ එන්නෙම නැද්ද?



මොකද ඔයාට හැමදාම ඕන කළේ ලේඛකයෙක් වෙන්න. ඒත් ඒකට ධෛර්යය තිබුණෙ නැහැ. දැන් ඔයා තනි වුණාට පස්සෙ වෙලාවෙන් ප්‍රයෝජනගන්න පුලුවන්. අඩුගානෙ ඔයා පිළිගන්න ඕන මං ඔයාට කතාවක් දුන්නා කියන එක. එහෙම නෙමෙයිද මගේ කොල්ලෝ?
- මාරියෝ වාර්ගාස් ලෝසාගේ විසේකාරී (The Bad Girl) නවකතාවේ අවසානය


මං කියනදේට ඔයා දිගින් දිගට බීරිනම්, නිශ්ශබ්ද වෙලා ඉන්නවා හැර මට කරන්න වෙන දෙයක් නෑ.. 
- ඈ එවූ පණිවිඩයකින්



බිහිරිකම නෙමෙයි චංචලා 
මගෙ හදවතයි දොඩමලු


රෑදෙකක් නිදි මැරූ හීනෙක
දෙමගක ඇවිත් එක මගක ගිය උදයක
ගෙවී ගිය තීරණාත්මක තත්පර කීපය
දෙමගකට වෙන් කරන ඉරණමක් ලියවුණේ කොහොමද?


ඒ පේරාදෙණි මොහොතෙ 
හෙවණ දුන්නෙත් අපි දෙන්නට
යාපහුවෙ මුණ ගැහුණු දොඩමලු සිංහයාමයි
අමතකද? 


මං හැදුවෙ පියවරක් ළංවෙන්න 
ඒවුණත් චංචලා,  
මතකයිද තිබ්බ හැටි ඔය බරැ‘ති ‘පොත් මිටිය?
කුරිරු ලෙස අවකාශය අවුරමින් අප අතර


ඒ හඬට ගැස්සුණා හදවතම
හන්තාන මහකන්ද හිටිවනම මුල් ඇද්දා අපි අතර


පොත්වලින් හදවතක් ඇරෙනවා දැක්කාට
පොත්වලින් හැඟීමක් වැහෙනවා දැක්කමයි චංචලා


බිහිරිකමමත් නෙමෙයි චංචලා 
ඒ හදවතයි තාමත්ම දිවා රෑ මේවිදිහ


ඔව් ඇත්ත, 
කවි හිතක් කීද්දුනා තමයි
ඒත් ඒ හිත තාම හරි බරයි චංචලා


වෙලුම්පටි බැඳගත්ත සිහිනයක
දෙපාමුල නැවතෙන්න
ලේගලන හදවතක
සෙනේ ඔසු තවරන්න
සියුම්වට සියුම්වට නළල අතගාලන්න
පුලුවන්ද කවියකට?


චවන තුනකට පර්යාය හැඟිමක්
මියනොහී රැකගන්න
පුංචිම පුංචි කවියකට පුලුවන්ද චංචලා?


*****


පේරදෙණියට තාම එදාවගෙ සීතලයි චංචලා
මං තාම එ්වගෙම සිංහ රුව පාමුලම
හුස්ම වැටෙනකං ඉන්නවා


එදාවගෙ හිමිදිරියෙ 
දෙමගකින් එක්වෙන්න 
මීදුමැ‘ති නිම්නයක
එකම මගියා වෙන්න
ආයෙ එන්නෙම නැද්ද චංචලා..?


- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

(2020.01.23)

Tuesday, January 21, 2020

රතුපස්වල ඔටුවෝ


රතුපස්වල තැන තැන
උන්
මැරී වැටුණා


පිපාසිත පොළවට
රතු රුහිරු කාන්දුවෙමින් තිබුණා


පණ තියෙන හැම ගහම,
හැම වැලම දැවි දැවී 
සෝසුසුම් ළැව්ගින්න ගැලුවා


****


“වතුර? ඔටුවන්ට...?“
වෙඩිතියන්නට අණ ලැබිලා තිබුණා.
මූනිස්සන් වර්ෂාව
බට දිගේ අකුණු සර නැඟුවා


ඔස්ට්‍රේලියා සුදුපස
ලේරතට හැරුණා
රතුපස්වල ඔටුවො 
මැරී බිම වැටුණා


****
‘පිපාසයි ආනන්ද, පිපාසයි. 
තථාගතයන් වහන්සේට ක්ලාන්තයි. 
ආනන්ද,
ඉක්මණින් තථාගතයන් වහන්සේට විවේක ගැනීමට 
අසුනක් පණවන්න’ 


කෝටිම තිස් තුනක්
වැඩවසන්නා වූ දෙවියනී 
හඬක් නැති ඔටුවෙක්ට
සාපිපාසය දුන්නෙ ඇයි කිවමැනේ?


****

හිටිවනම බිම වැටුණු කඳුලක්
ගල් ගැහී මිහිමතින් නැඟුණා
ඒ කඳුලෙ හැඩයටම 
සුසුම්ලන දූපතක් මැවුණා


ඔස්ට්‍රේලියා සුදු පොළව රතු කරපු විනාසෙට
සාප - යාදිනී රළ 
ඒ බිමේ හැපි හැපී බිඳුණා 
දිවා රෑ ශෝක කවි ලියුණා..

- ප්‍රසාද් නිරොෂ බණ්ඩාර



Friday, October 25, 2019

අලුත් ඇසක එළිය හෙවත් මැජික් ලන්තෑරුම



තමා කුස තුළ සිටියදී තම මව ස්පාඤ්ඤ උණ රෝගයට ගොදුරුවීමේ ප්‍රතිඵලයක් වශයන්, පිරිහුණු සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව ඉපදීම (1918) නිසා මන්දපෝෂණයෙන් මියයෑමට ඉඩ ඇතැයි වෛද්‍යවරුන් අනාවැකි කී එක්තරා කොලු ගැටයෙක් පසුකාලීනව ලෝකයේ ප්‍රමුඛතම සිනමාකරුවකු බවට පත්වෙනවා. ඒ කොතරම් ද කියනවානම් සිනමා ලෝලීන් ඔහු ඉපදුනු රට වන ස්වීඩනය බර්ග්මාන්ගේ රට විදිහට හඳුන්වන මට්ටමට, ස්වීඩන් සිනමාවේ මුද්‍රාව ලෝක සිනමාව හමුවේ තියන්න ඔහු සමත් වෙනවා. මේ සුවිශේෂී සිනමාකරුවා ඉංග්මාර් බර්ග්මාන්. සිනමාකරුවෙකුට අමතරව නාට්‍යකරුකෙුද වන බර්ග්මාන් පසුකලෙක තම ජීවිත Lantern Magica නමින් පළ කරන අතර එහි ඉංග්‍රීසි පරිවර්තනය වන Magic Lantern, සිනමා හදාරන්නන්, සිනමාලෝලීන්, මෙන්ම සකලවිධ පාඨකයන්ට මගහැර යා නොහැකි කෘතියක් බවට පත් වෙනවා. මේ කෘතිය මැජික් ලන්තෑරුමනමින් සිංහලට පරිවර්තනය වනවා. ඒ සිංහල සිනමාව න්‍යායාන්ධකාරයෙන් ගැලවාගනීමට මෙන්ම සිනමා ශිල්පයට අසන්සන්ධනීය දායකත්වයක් දැක්වූ එම්.ඩී මහින්දපාලයන් අතින්. මේ කෙටි සටහන මැජික් ලන්තෑරුම ගැන.
මේ කෘතිය කියවන පාඨකයාගේ එසැණ සිත්ගන්නා සුවිශේෂී ගුණයක් වන්නේ එහි සංගෘහිත සංස්කෘතික ජීවන අත්දැකීම් හා ඓතිහාසික දේශපාලනික අත්දැකීම් ම පමණක් නොවේ. බර්ග්මාන් තම ජීවන වෘත්තාන්තය ලියන්නේ මුළ මැද අග පිළිවළට ලියූ සාම්ප්‍රදායික චරිත කතාවකින් ඔබ්බට ගිය රීතියකින් වීම නිසා. සැබැවින්ම මැජික් ලන්තෑරුම බර්ග්මාන් වැනි සුවිශේෂී සිනමාකරුවකුටම හැරෙන්නට වෙනත් ලේඛකයකුට ලිවිය හැකිදැයි සැක හිතෙන තරමට මුළ මැද අග අනුක්‍රමය අපූර්ව ලෙස සංකලනය කළ සිනමාරූපී ස්ව්‍යං චරිතාප්‍රදානයක්.
බර්ග්මාන් පූජකවරයකුගේ (හෙන්රික් බර්ග්මාන්) පුත්‍රයකු ලෙස ඉපදෙන්නේ දැඩි ආගමික හික්මීමක් සහිත පරිසරයක ය. පූජකයකුට බාහිර සමාජයෙන් ලැබිය යුතු ගෞරවය ආරක්ෂා කරගන්නට කුඩා දරුවන් වන බර්ග්මාන් ඇතුළු සහෝදර සහෝදරියන්ට පවා විශාල කැපවීමක් කරන්න වෙනවා. එසේ නමුත් එම නිදහස් නොවන, දැඩි අධිකාරිවාදී ආගමික චින්තනය කුඩා කල සිටම බර්ග්මාන් ප්‍රතික්ෂේප කරන අතර, තම ස්ව්‍යං චරිතා ප්‍රධානය තුළ පවා ඒ දේ සියුම් ව සටහන් කරනවා. (නමුත් බර්ග්මාන්ගේ සිනමා කෘතීන් තුළ ආගම සම්බන්ධයෙන් පේන්නේ ඉතා සමීප - දූරස්ථබවක්) බර්ග්මාන්ගේ නැගෙනියට දරුවෙක් ලැබෙන්නට යන විට පවුලේ නම්බුව වහගන්න ගබ්සාවක් කරවනවා. ඔහුගේ අය්යා සිය දිවි නසාගන්නවා. නොගැලපෙනවයි කියන ප්‍රේම සම්බන්ධයෙන් බර්ග්මාන්ට පවුලෙන් තර්ජන එල්ල වෙනවා. පූජක පවුලක ඊනියා පිළිගැනීම වසා ගැනීමට මේ දේවල් සිදු කරතත්, ඔහුගේ මව සහ පියා අනියම් ප්‍රේම සම්බන්ධතා පවත්වනවා. මැජික් ලන්තෑරුම තුළ බර්ග්මාන්ගේ එළැඹුම, තම දෙමව්පියන්ගේ රහස් ජීවිත මෙන්ම තමාගේම යටිහිත සහ අසම්මත ක්‍රියාවන් පවා නොපැකිලී හෙලිකරන තරමට අව්‍යාජයි.

කෙසේ වෙතත් කුඩා බර්ග්මාන්ට සිනමාකරුවෙක් හා නාට්‍යකරුවෙක් කරන්නේම ඔහුගේ මේ පවුල් වටපිටාව. ලොටන් නැන්දාගේ චීන සෙවණැලි නාටක රංගනයත්, තමං සතුවූ මැජික් ලන්තෑරුමත්, ඇනා නැන්දාගෙන් නත්තල් ත්‍යාගයක් ලෙස ලද සිනමැටොග්‍රැෆි යන්ත්‍රයත් කුඩා බර්ග්මාන්ට කොයිතරම්නම් පරිකල්පනීය ලොවක් කරා ගෙන ගියාද යන්න කෘතිය තුළ අපූර්ව ලෙස පැහැදිලි කරනවා. මේ සිනමැටොග්‍රාෆ් යන්ත්‍රය ගැන,
එය සංකීර්ණ උපකරණයක් නොවීය. ආලෝකය, පැරෆීන් ලාම්පුවකට සැපයෙන අතර ලීවරය, දැතිරෝදයකට හා මෝල්ටිස් කුරුසියකට සම්බන්ධ විය. ලෝහ පෙට්ටිය පිටුපස සරල පරාවර්තකයක් විය. කාචය පිටුපස ලැන්ටර්න් වීදුරු තහඩු කිහිපයක් හා මි.මි 35 පටල කැබැල්ලක් ද විය. එය මීටර් තුනක් පමණ දීර්ඝ පටලයකි. පටල පටය සමග ලැබුණු විස්තර පත්‍රිකාවක සඳහන් වූයේ එකී චිත්‍රපටයේ නම හෝල් මහත්මිය’ (Ms Holle) බවයි. හෝල් මහත්මිය කවුදැයි කිසිවෙකුත් දැන සිටියේ නැත. එහෙත් පසුව දැනගන්නට ලැබ්ණේ ඇය ආදරයේ දෙවඟනක බවයි.
පසුදින උදෑසන මම කාමරයේ විශාල අල්මාරියේ මුල්ලක, මගේ සිනමැටොග්‍රාෆ් යන්ත්‍රය ස්ථානගත කළෙමි. පැරෆීන් ලාම්පුව දැල්වූ පසු ආලෝක ධාරාව සුදු බිත්තිය මත පතිත විය. ඉන්පසු මම පටලය පටල යන්ත්‍රයට ඇතුල් කළෙමි. තණ පිට්ටනියක් තිරයේ දිස්විය.  තණ පිට්ටනිය මත වැතිර සිටින තරුණියක එහි පෙනී සිටියා ය. මම ලීවරය කැරකැවුවෙමි.
සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කළ නොහැක. මගේ විමතිය වචනයෙන් විස්තර කළ නොහැක. එහෙත් රත්වූ ලෝහ සුවඳ තවමත් මගේ නාසයට දැනෙන්නාක් මෙනි. පැරෆීන් ඉටි සුවඳ හා මගේ අත රැඳි ලීවරයේ සිසිලත් මට දැනේ. බිත්තිය මත ගැස්සෙන සෙලවෙන හතරැස් රූපරාමු මට පෙනේ. ලීවරය කැරකවූවිට තරුණිය අවදිවූවාය. ඉන්පසු ඇය සෙමින් නැගිටින්නට විය. ඉන්පසු ඇය දෑත් දිගුකර, වටයක් කරකැවී රාමුවේ දකුණුපැත්තෙන් අතුරුදන් වූවාය. ලීවරය තවත් කරකැවූයේනම් ඇය නැවතත් තණපිටියමත දැකගත හැකි විය. ඉන්පසු ඇය කලින් කළ සියල්ල එලෙසම කරන්නට විය.
ඔව්! ඇය චලනය වූවාය..  (මැජික් ලන්තෑරුම 31 පිට)

ඉංග්මාර්ගේ අර්ධ ස්ව්‍යං චරිතාපදාන චිත්‍රපටයක් (semi-autobiographical movie)  සේ සැලකෙන Fanny and Alexander (1982) වැනි චිත්‍රපටයන්හි තම පරිකල්පණය දැල්වූ මේ අතීතය ජීවන ශ්‍රෝතසයන්  අපූර්වාකාරයට චිත්‍රණය කරනවා. විසිතුරු ගෘහනිර්මාණ ශිල්පයන්ගෙන්, සිතුවම්වලින් හා අඳුරු මුලුවලින් පල්ලිය ආශ්‍රිත පරිසරයත්, තමං කුඩාකල සිට හැදී වැඩුණු අපූර්ව නිවාස, ඒ ආශ්‍රිත පරිසරය මෙන්ම විශාල පවුල් සබඳතා මේ කුඩා දරුවා පරිකල්පනීය මිනිසකු ලෙස ගොඩනගන්න එකසේ උපකාරී වෙනවා. එස්ම තරුණ කල රංගශාලා සේවකයකු හා අධ්‍යක්ෂකවරයකු හැටියට සෑහෙන කාලයක් සේවය කරන බර්ග්මාන්ට එහිදී විශාල අත්දැකීම් සමූහයක් මෙන්ම කලා කරුවන් සමූහයක් ද මුණගැහෙනවා. එය බර්ග්මාන් නම් ශිල්පියා ප්‍රකට හා වියුත්පත්තියකින් යුතු නාට්‍යකරුවකු මෙන්ම ලෝක ප්‍රකට සිනමා ශිල්පියකු හැටියට ගොඩනැගීමට එය විශාල පිටිවහලක් වුණ බව පේනවා. 
සංස්කෘතික හුවමාරු වැඩසටහනක් යටතේ සති හයක කාලයක් තමාට ජර්මනියේ ශිෂ්‍යයකුගේ නිවසට යෑම නිසා ගැටවර බර්ග්මාන් ලද අත්දැකීම් මැජික් ලන්තෑරුමේ ඇති සිත්ගන්නා තැනක්. එහිදී අන් අයට මෙන් තමාටද අත දික් කරිහේල් හිට්ලර්යැයි කීමට සිදු වූ අයුරුත් හිට්ලර් යටතේ ජර්මන් සමාජය හැඩගැසෙමින් තිබුණ ආකාරයත් අපූරුවට සටහන් වේ. බර්ග්මාන් ඔහුගේ පාසලට යන අතර පාසල් සිසුන්ටිෆොන් ඩෙන් ජූඩන් වර්ගිෆ්ටඞ්‘ (යුදෙව්වන් විසින් වස විෂ ශරීර ගත කර ඇත) යන්න පාසල් මගින් ශිෂ්‍යයින්ට කඩපාඩම් කරවන පරිශ්‍රමය දකී. එසේම පිටස්තර රටක ශිෂ්‍යයකු වූ තමන්ටද හිට්ලර් ගැන ආදරයක් හිතෙන තරමට හිට්ලර්ගේ ප්‍රචාරණ වැඩපිළිවෙළ හා ඔහුගේ ආකර්ශනය සැකසී තිබූ අයුරු බර්ග්මාන් විස්තර කරයි. වසර ගණනාවක් යනතුරු මේ ප්‍රේමය තමන් තුළ පැවති බවත් තමන් නාසිවාදී ව්‍යාපාරය වෙනුවෙන් තර්ක කළ බවත් ඔහු හෙළිකරනවා.
බර්ග්මාන් සිනමා කෘති මෙන්ම පරිවර්තන හා ස්වතන්ත්‍ර නාට්‍ය කෘති විශාල ප්‍රමාණයක් නිර්මාණය කරනවා. ඒවායෙන් මුල්කාලීන බොහෝ කෘති මූල්‍යමය වශයෙන් අසාර්ථක වනවා. නමුත් දිගින් දිගට කලාවේ නියැලෙනවා. ලෝක ප්‍රකට සිනමාකරුවකු ලෙස සිනමා කෘති කරන ගමනුත්, ඇතැම්විට එතරම් සාර්ථක නොවෙනු ඇතැයි දැන දැනමත් වේදිකා නාට්‍ය කරනවා. ඒ අතර සිනමා හා නාට්‍ය තිර පිටපත් රචනා කරනවා. අධ්‍යක්ෂණය කරනවා. මැජික් ලන්තෑරුම වැනි ස්ව්‍යං චරිතාප්‍රදාන ලියනවා. මෙය එය සිනමාපටයකින් දෙකකින් මහා සිනමාකරුවන් බිහිකරන, එක පොතකින් දෙකකින් මහා ලේඛකයින් බිහිකරන, ලාංකික කලා අවකාශයට සෑහෙන නුහුරු අත්දැකීමක්.
මැජික් ලන්තෑරුම කෘතිය තුළින් සිනමා අවකාශය තුළ ප්‍රකට කරන වැදගත්ම කරුණය  කලාකරුවකුට තම පෞද්ගලික අත්දැකීම් කොතරම් වැදගත් ද යන්න හා එකී පෞද්ගලික අත්දැකීම් සිනමාකරණයේදී නිර්මාණාත්මකව යොදාගන්නේ කොහොමද යන කාරණා. එසේ හෙයින් මැජික් ලන්තෑරුම ඔහුගේ සිනමාපට නැරඹූවන්ට ඒවා නැවත නැරඹීමටත් ඒ දෙස අලුත් කියවීමක් සිදු කිරීමටත් පෙළඹීමක් කරනවා. තම දෙවෙනි බිරිඳ වූ Ellen Lundström සමග ජීවත් වෙද්දී ගුන් හැග්බර්ග් නම් තරුණිය සමග කෙටිකාලින ඇසුරක් පවත්වාගෙන ගිය අයුරුත් එය තම බිරිඳට කියූ පසු ඇය දැක්වූ ප්‍රතිචාරත් Scenes from a Marriage (1973) යොදාගත් ආකාරය මැජික් ලන්තෑරුමෙහි බර්ග්මාන් සඳහන් කරනවා. එසේම ගුන් සමග පැරීසියේ ජීවත් වූ කාලප හා ජීවත් වූ කාමරයේ ස්වරූපය තම The Silence (1963) සිනමාපටයේ තියෙනවා. ඉංග්මාර්ගේ පාසල් වියෙහි ගිය යටකී ජර්මානු සංචාරයේදී හමුවුන ක්ලේරා නම් තරුණිය ඔහුට එවූ ඇගේ ජීවිතය පිළිබඳ සංවේගාත්මක කරුණු අඩංගු ලිපිය අකුරක් නෑර තම The Rite (1969) සිනමා පටයේ හොවා ඇති බව ප්‍රේක්ෂකයාට බලාගන්න පුලුවන්. එසේම තම බිරිද වූ Ellen Lundström ගෙත් තමාගේත් ජීවිත කතාව තම To Joy (1950) සිනමාපටයේ සඟවා ඇති ආකාරයත් මැජික් ලන්තෑරුම හෙළි කරනවා. කුඩා ඔහු මෝචරියක තනි වූ වේලාවකදී මිය ගිය තරුණියකගේ සිරුර අතගෑමට ආශා හිතීමේ අත්දැකිම Hour of the Wolf (1968 ) සිනමාපටයේ නිරූපණය කර ඇති අකාරය ඇතුලු සිනමාකරුවාගේ පෞද්ගලික අත්දැකීම් රාශියක් ඔහු සිනමාව තුළ යොදාගන්නේ කෙසේද යන්න ඉවසිලිවන්ත ප්‍රේක්ෂකයාට සොයාපාදාගන්න පුලුවන්. ඒ අනුව  මැජික් ලන්තෑරුම ඔහුගේ සියලු කෘති අලුත් ඇහැකින් ආපහු බලන්න රසිකයාට ආරාධනා කරනවා.
මැජික් ලන්තෑරුමේ නිතර දක්නට ලැබෙන සරල අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ දෝෂ තවදුරටත් නිවැරදි වන්නට තිබුණි.  කෙසේ වෙතත්, මුල් පරිවර්තනවල තිබුණත්, මෙය මහින්දපාලයන් විසින් මෑතකදී පරිවර්තනය කළ, මා තවමත් කියවා අවසන් කර නොමැති, තවත් විශිෂ්ඨ කෘතියක් වනිසිනමා කලාවතුළ බොහෝවිට නිවැරදි වී ඇති ලක්ෂණයක්. මැජික් ලන්තෑරුමට අමතරව, සිනමාව හා ජනසමාජය, අම්මා මට කියා දුන් ගී, සිනමා කලාව වැනි විශිෂ්ඨ කෘති සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ම මෙවැනි විශිෂ්ඨ සිනමාකරුවන්ගේ සිනමා කෘතීන් හා විශ්ව සිනමාව වඩාත් සමීපව කියවාගන්නට සිංහල පාඨකයාට ලබා දෙන තීරණාත්මක ආලෝක ධාරාවක්. ඒ නිර්ලෝභී ශාස්ත්‍රීය වෑයම වෙනුවෙන් පරිවර්තකයාට නොවක් ස්තූතිය හිමිවිය යුතුමය.

-  ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර


‘රාවය‘ 2019 ඔක්තෝම්බර් 27

Friday, October 18, 2019

සංඥා


අකම්පිතයි නෙත් යුග.


ඝණ වනාන්තරයක
උසම උස මුදුණක
සිංහසෙයියාවෙන් සැතපුණ
හිමි හිඳී එකලාව


පිරිසිඳ ඉගැන් වූ දහම
තනිවම ම සිහිකරනවද


අසපුවට පිටුපෑ දිසාවකට ම
කිමද හිමියනි මේ නැඹුරුව?


නොපෙනෙද ඇදෙන ජන ගඟ
බැති සිත් ශ්වේතවර්ණයෙන් තවරා
මල්වට්ටි, හඳුන්කූරු 
වීද අඩුවෙක් සමිද කිස මොනයම්


කිමැයි හිමි මේ නෝක්කාඩුව


සංඥා කුළුණු ඉදිවුණ අසපු බිම 
වේදනා ගෙනදේද ඔබැ'සට?


නෑසේද හිමිසඳ
සුවහසක් මහ බල පිරිත් කඳ
කඳු හිසින් හිස වදිමින්
තුරු හිසින් හිස සිපිමින්
හිස් වා තලය පුරවන‘යුරු
මුලුල්ලෙම දිව රෑ එකම ලෙස


නොපෙනෙන නමුත් සංඥා
සැම සවණකම දැවටේය නොවරදවා


කිම ඉතිං මේ 
මද සිනාවක් මුව අග


නොගැලපේ හිමිසඳ
අකම්පිතයි ඔය නෙත් යුග.

*****


"ඇවිත්නිනි,
'හඳුනාගනී' නුයි එයින් සංඥා’යි කියනෙමි’


රූප වේදනා සංඛාර
විඥානයන් අතරම
එකින් එක ගැට ගැහුණු
පිළිසිඳි උපාදානෙක්මය සංඥාව


මිනිස්සුම ගොඩනගති උස කුළුණු
සිරස්පත පරදවා
ඔවුහුම ගොඩනගති කොත් කැරලි
රතු එළිද අබිබවා


සංඥාවන්ම හඹායන
එය නොවේ මා ඉගැන්වූ ධර්මය…"


****


මද පවනිනුද සෙළවුණ
පැන් තොටෙක මුදු දිය තුළ
වියපත්ම දිනිසුරුගෙ 
සංකාර රූප කෙමෙන් බොඳවිණ 


පොකුණසළ ගැවසුන
දියකා විහඟ ස්වරයද
හෙමි හෙමින් ගොළු වෙනතර


සංඥා කුළුණු විසුරණ
සංඥාපිතැ’ති සිතැතිව
විසංඥිත බැති කැළ


සංඥාවන් ලබන්නට
සුවාසු දහසක් දම්කඳ
අල්පැයි හඟිස්සන මෙන්
හෙමින් බැස යති අසපුවෙන්
සංඥා කුළුණු පහු කර


එනමුදු අකම්පිතමයි 
ඒ සදය නෙත් කැල්ම දැල්වෙන 

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර -