Monday, October 10, 2022
උමතු කෙල්ලගේ ආදර ගීතය (Mad Girl’s Love Song ~ Sylvia Plath)
Monday, September 5, 2022
අවුෂ්විට්ස් ඝාතක කඳවුර - නට්සිවාදීන් සහ අවසන් විසඳුම ( AUSCHWITZ THE NAZIS & THE FINAL SOLUTION)
Saturday, September 3, 2022
ඉතිහාසයේ අවසානය (The End of History and the Last Man)
Friday, September 2, 2022
“උන්ගේ සදාචාරය හා අපගේ සදාචාරය” (Their Morals And Ours)
ලියොන් ට්රොට්ස්කිගේ සුප්
රකට ග්රන්ථය “උන්ගේ සදාචාරය හා අපගේ සදාචාරය”
(Their Morals And Ours).
Wednesday, August 24, 2022
තවමමත් මතකයි ඒ පුදුම එළවන මොහොත [ I still recall the wondrous moment ~ Alexander Pushkin ]
තවමමත් මතකයි ඒ පුදුමඑළවන මොහොත:
ඔබ පෙනී සිටි විටදි මගේ දෑස් අබියස
කෙටි හා ක්ෂණික පෙර නිමිත්තක් ලෙද,
මන බඳින ආලෝකයේ සුපිරිසිදු මායාව.
දුකේදී, ගිලන් වූ විට හිත මගේ
කලබලම වෙලාවල, තෝන්තුවා මොහොත්වල
ඔය මුහුණෙ ලකුණු ගැන මැව්වෙමිය හීන මම
නුඹේ කට හඬ, ඔව් දැනෙනවා ඒවගෙම.
වසර ගණනක් ගෙවුණි, සැඩ සුළන් පහව ඇත
මගේ පෙර පැතුම් හා, ඒවගෙම
එදවසෙහි අහිමි විය නුඹේ හඩේ සොඳුරුතම මැතිරුම.
නුඹ වතේ ඇතිරුණු පිවිතුරුම ම සලකුණු!
අඳුරේ රඳවා මා - හුදකලාවේ
ඇදෙන්නට ගත්තා මගේ දවස් අවුල වෙත.
විශ්වාසයක් හා ආනුප්‍රාණයක් නැතිව,
කඳුලක්, ප්‍රේමයක් මෙන් ජීවිතයක් ද නොමැතිව.
මගේ ආත්මය සේන්දු විය ප්‍රබෝධමත් මොහොතට;
ප්‍රාදූර්භූත විය නැවත නුඹ මගේ දෑස් අස
කෙටි හා ක්ෂණික පෙර නිමිත්තක් ලෙද
මන බඳින ආලෝකයේ සුපිරිසිදු මායාව.
මගේ හදවත දැන්, මෝහනයෙන් වෙළී
ස්පන්දනය වේ තදින්, ඉපිළී යළිත්
නොවක් විශ්වාසයක් හා ඇතිව ආනුප්‍රාණයක්,
මුදු මොළොක් කඳුළු මෙන්ම ප්‍රේමය සමග ජීවිතය.
Translated by: Prasad Nirosha Bandara
Monday, July 4, 2022
අරගලයේ තීරණාත්මකම සාධකය රාජ්‍ය සේවයයි (Velvet Revolution & current Sri Lankan struggle)
ලංකාවේ උද්ගතව ඇති වත්මන් අරගලයට සමාන අරගල ගණනාවක් ලෝක ඉතිහාසයේ අපිට දකින්න පුළුවන්. ඊයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් හැරෙන්නට, ඉතා සාමකාමී අරගලයක් වූ මේකට ඉතා සමාන විප්ලවයක් තමයි චෙකොස්ලෝවැකියාවේ ‘විල්ලුද විප්ලවය‘ (Velvet Revolution). මෙය Gentle Revolution ලෙසද හැඳින්වූයේ එය සාමකාමී අරගලයක් (non-violent struggle) වුණ නිසාමයි.
අරගලයට අදාල හේතු රටේ කාලාන්තරයක් තිස්සේ තිබ්බත්, 1989 නොවැම්බර් 17 වෙනිදා සිට නොවැම්බර් 27 දක්වා ගිය විල්ලුද විප්ලවයේ මූලික ගිණි පුළිඟු දැල්වූයේ එරට විශ්වවිද්‍යාල ශිෂයයින්. (ලංකීය අරගලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වූයේද ඇඳිරිනීතිය දින ලංකාවේ ශිෂ්‍යයින් ගෙන ගිය අරගලය කියන්න පුළුවන්. ඊට පෙර සිටද හුදකලා අරගල තිබුණත්, නිර්භීතව එදා පාරට බහින්න රට පුරා හැමෝටම ධෛර්යය දුන්නේ ඒක.)
කොහොම උනත් ඒ ධෛර්යය නිසා චෙකොස්ලෝවැකියාවේ විවිධ දෙසින් මිනිස්සු මේ විප්ලව වලට එකතු වුණා. හන්දියක් හන්දියක් ගානේ ඒ අරගලය බෝ වුණා.
එහෙම වුණත් රජයන් ඒ සඳහා කිසිදු සැලකිය යුතු ප්‍රතිචාර දැක්වූයේ නෑ. ඒ අය විප්ලවය දියකර හරින්නට හැකිතාක් වෑයම් ගත්තා. මිනිසුන් මිය ගියා.
නමුත් රජයට නොසලකා නොහැර බැරි දෙයක් ඊළඟට සිදුවුණා. ඒ මේ විල්ලුද විප්ලවයට රජයේ නිලධාරීන් එකතුව මහා වැඩවර්ජනයක් ආරම්භ කිරීම. අවසානයේ චෙකොස්ලෝවැකියානු රජයට ඊට ප්‍රතිචාර නොදක්වා ඉන්න බැරි වුණා. (අපේ අසූවේ වැඩවර්ජනයේ ප්‍රථිඵල මීට වෙනස්) ඒ අනුව පාලකයින් නිරුත්තර වුණා. ඒ අයට වේදිකාවෙන් බැස යන්න සිදු වුණා.
ඒ නිසා ඕනෑම විප්ලවයක තීරණාත්මකම සාධකය රාජ්‍ය සේවය කියන්න පුළුවන්....
හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි, වෙල්වට් විප්ලවය මගින් සිදු කළේ එක් කෙනෙක් බලයෙන් පහ කරලා ඒ ක්‍රමය යටතේම තව කෙනෙක් බලයට ගේන එක නෙමෙයි. ඒ අය ඊට වඩා වැදගත් ක්‍රමවේදමය වෙනසක් සිදු කළා. ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට ගියා...
තම මූලික අරමුණ ගැන සියලු අරගලකරුවන් දේශපාලනිකව දැනුවත්වීමේ, දැනුවත් කිරීමේ වැදගත්කම තියෙන්නේ එතනයි. විශේෂයෙන් ඒකීය නායකත්වයකින් තොරව, විවිධ තැන්වල ජන අරගලයක් ලෙස නැගී සිටිද්දී ගැටලු මතුවන්න තියෙන ඉඩ එතකොට අඩුයි....
Thursday, June 30, 2022
ට්‍රිකල් ඩවුන් න්‍යාය, ලංකාව සහ ලංකාවේ ටයිල්ස් මාෆියාව [Trickle down theory, Sri lanka and current Sri Lankan floor tiles mafia]
Wednesday, June 29, 2022
අමතක කළෝතින් නුඹ මා [If You Forget Me ~ Pablo Neruda]
Tuesday, June 21, 2022
අද රාත්‍රියෙහි මට දුක්බරම වැකි ලියනට හැක [Tonight I Can Write The Saddest Lines ~ Pablo Neruda]
Thursday, May 26, 2022
මත්වී පයින් තුරු වලින් [Drunk with Pines ~ Pablo Neruda]
මත්වී පයින් තුරු වලින් හා දිගු හාදු වලින්,
ගිම්හානය මෙන්, මෙහෙයවමි රෝසමල් වේගී රුවල්,
සිහින් දවසක නැමී මරණය දෙස,
මා උග්‍ර සමුදුරු උමතුවෙහි ඇලෙනෙමි.
මගේ හාමත් දියමත හබල්ලමි සුදුමැලිව,
නිරුවත් දේශගුණයේ ඇඹුල් සුවඳට මුසුව සරන්නෙමි ඔබ මොබ,
තවමමත් අළුපැහැති තිත්ත ස්වරයන් සමග
අත් හළ දිය විසුරුමක සෝබරම මුද්‍රාව පැළඳගෙන.
ලලාසාවෙන් බරව, හුදකලා එකම රළ මත නැගෙමි,
සඳු හිරුද - උණුසුමත් සීතලත් එක් වරම පැන නැගුණු,
ඉමිහිරිය, ශ්වේතවන් ගැවසි සිහිල්ලැල් බඳෙ‘ව්
වාසනාවන්ත දිවයින් උගුර මත නිවෙමි
විදුලි ධාරා සමග ආරෝපිතව - උමතුවට
තෙතබරිත රැයේදී සලිතවේ මගේ හාදුමය සළුව,
වික්‍රමාන්විතම ලෙස බෙදී යන සිහින වල
මත්ගැහුණු රෝස මල් රංගනයකය - ඒ මා මතම
උඩුගං බලා ඇදෙන පිටත දිය රළ අතර
ඉක්මනින් හා සෙමෙන් නුබ කුසෙහි ශක්තියෙන්
ආත්මයෙ සදාතන බඳින ලද මසෙකු ලෙද
ඔබෙ සමාන්තර සිරුර යටත්වෙයි මගෙ දෑත් යුග අසල
Sunday, March 6, 2022
ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර්ලා සහ අපි
ජර්මානු සමාජ විද්‍යාඥයෙකු, ඉතිහාසඥයකු හා දාර්ශනිකයකු වූ ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර් (Oswald Spengler) තම ‘බටහිර පරිහානිය‘ (Decline of the West) නම් පොතේ සමාජයේ චක්‍රාකාර ගමන්මග පිළිබඳ න්‍යායන්ට (Social cycle theories) වෙනස් ස්වරූපයේ එකතුකිරීමක් කළා. ඒ සමාජය සර්පිලාකාරව ගමන් කරන බව. ඉන් දල වශයෙන් අදහස් වුනේ සමාජය නැගීම, පරිහාණිය හා උච්ච අවස්ථාව යන අවධින් පහුකරමින් නැවතත් ප්‍රාථමික අවධියට ගමන් කරන බව. එකී චක්‍රය නියත වශයෙන් සිදුවන බවත් එය වළක්වන්න බැරි බවත් ස්පෙන්ග්ලර් කිව්වා. සැබැවින්ම මේ පියවරයන්ගේ ගමන චක්‍රාකාර උනත්, එය සර්පිලාකාර වන්නේ කාලය නියත වශයෙන් එය ඉදිරියට ඇදගෙන යන නිසා. ඒ වනවිට බටහිර ශිෂ්ටාචාරය එහි සංවර්ධනයේ අවසන් අඩවියට ළඟා වී ඇති බවත් එහි පරිහානිය වැලැක්වීමට නොහැකි බවත් ස්පෙන්ග්ලර් පැවසුවා.
මේ න්‍යායට දැඩි ලෙස විරුද්ධ වූ පාර්ශ්වයක් වූයේ සමාජයේ සංවර්ධනීය නියත පරිණාමයක් දකින ඓතිහාසික භෞතිකවාදීන් හෙවත් මාක්ස්වාදීන්. මක් නිසාද යත් ස්පෙන්ග්ලර් පෙන්නා දෙන මේ නියතවාදී සර්පිලාකාර ගමන තුළ සමාජය සඳහා මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුකළ හැකි කාරකත්වයන් වක්‍රව බැහැර කෙරෙන නිසා. මාක්ස්වාදීන්ට අනුව මේවා ධනවාදයේ සුපහසු පැවැත්ම ආරක්ෂා කරන අතුරු න්‍යායන්.
මන්ද යත් ඉන් සිදුකෙරුණු හැඟවුම් අතර ධනවාදය සමාජ පරිණාමයේ උපරිම අවස්ථාව ලෙසත් එය බිඳ වැටුණහොත් එය යළි මිලේච්ඡත්වය / ප්‍රාථමිකත්වය කරා යන බවත් කියමින් ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් නොපෙනෙන පලිහක් නිර්මාණය කිරීම නිසා.
පසුකාලීනව ෆ්‍රැන්සිස් ෆුකුයාමා The End of History and the Last Man ලේඛනය තුළ මූලික ලෙස අදහස් කළේත් ධනවාදය සමාජයේ අවසන් පරිණාමීය අවස්ථාව කියන එක. නමුත් ෆුකුයාමාට වඩා ඉසියුම් වක්‍රාකාර සහායක් තමයි ස්පෙන්ග්ලර්ගේ න්‍යායන් තුළින් සමාජගත කෙරුණේ.
හැබැයි මේ චක්‍රාකාර ගමන්මග පිළිබඳ න්‍යායේ සත්‍යතාව හා සප්‍රමාණතාව ලෝක දේශපාලනය හෝ මාක්ස්වාදය වැනි වෙනත් විචාර සංකල්ප අනුව කවරාකාර උනත්, දශක කිහිපයක සිට ලංකාව දිහා බලද්දිනම් සමාජය ආපහු පසුපසට ගමන් කරනවා කියන එක ඉතා පැහැදිලියි.
දැන් ලංකාවට තියෙන්නේ භෞතික හා සදාචාරමය වශයෙන් අවගමනයක්. සමාජ සදාචාර පැත්තක තියලා මිනිස්සුන්ගේ ආර්ථික හා තාක්ෂණික කාරණා බැලුවත් මේක පේනවා. අද මිනිස්සුන්ට කන්න කෑම නෑ. වාහන දුවන්න තෙල්නෑ. වැඩ කරන්න ලයිට් නෑ. (දඩිබිඩියේ මේ සටහන ලියන්නේ ලයිට් කපයි කියන බයේ!), බත් පතක් උයාගන්න ගෑස් නෑ, ගෙයක් හදාගන්න සිමෙන්ති ටිකක් නෑ, බොන්න කිරිපිටි ටිකක් නෑ, උණකට හෙම්බිරිසාවකට පැනඩෝල් කෑල්ලක් නෑ, අතේ සල්ලි නෑ, රස්සාවල් නෑ, අඩුතරමේ ගොවිතැනත් නෑ. ඒ කියන්නේ අද ළංවෙන්නේ සමාජ පරිණාමයේ මූලිකම, ප්‍රාථමික අඩවියට තමයි කියලා බැලූ බැල්මට පේනවා.
නමුත් අනික්පැත්තට බැලුවාම ඒ මතුපිට පෙනුම සම්පූර්ණයෙන්ම අප රවටන සුලුයි. මන්ද යත් බහුතරය ප්‍රාථමිකත්වය වෙත ගමන් ගද්දී තවත් කොටසක් පශ්චාත් ධනවාදයේ කරණම් ගහමිනුයි ඉන්නේ. රටේ ඇති නැති පරතරය දවසින් දවස වැඩිවෙනවා. පැන්ඩෝරාවල, පැනමාවල ධනය ගොඩ ගැහෙනවා, විදේශ රටවල් එක්ක සිදුවන ගණුදෙනු - ඩීල් පශ්චාත් ධනවාදී ස්වරූපයේ ඒවා. රටේ අත්‍යාවශ්‍ය භාන්ඩ ගෙන්නන්න විදේශ සංචිත නැතිවෙද්දි සුඛෝපභෝගී ගුවන් සංචාර යනවා. කණ්ඩ ඉල්ලලා මිනිස්සු පොරබදද්දි අධිවේගී මාර්ග හැදනවා. ඒ අනුව පේන්නේ එකම එක දෙයයි.
අපි තමයි ධනවාදයේ නියම සුජාත පුත්තු!
ඔස්වල්ඩ් ස්පෙන්ග්ලර්ලා තම න්‍යාය ලිව්වේ පොත්වල. ඒවා කවදාවත් භෞතික පොළවට ආවේ නෑ. ඒත් අපේ මේ ධනවාදයේ පුත්තු ස්පෙන්ග්ලර්ලාගේ න්‍යාය භෞතික පොළවේ පැළකරනින් ගමන්, අනිත් අතට තමන් කීපදෙනෙකු විසින් ධනවාදය එහි දියුණුම අඩියේ ස්පර්ෂ කරමින් සිටිනවා.
බලන්න, ඒකෙනුත් අපි තමයි හොඳටම කළේ…!
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
Friday, March 4, 2022
ආදරය (Love ~ Pablo Neruda)
සුපුෂ්පිත කුසුම් බර උයන්වල
හමා එන වසත් සුවඳවිලවුන්
වේදනා දෙවනවා
ඒ ඔබ නිසා මට
ඔබේ වත අමතකව ඇත.
ඔබේ ඔය දෑත් යුග
තවදුරටත් මතකයේ නෑ මට,
මා ලවනත තැබූ ඔය දෙතොල හැඟුමන්?
උයන් බිම්වල නිදිකිරන
ශ්වේත පිළිරූ වෙත,
ඔව්, කිසිදාක හඬක් හා
පෙනීමක් නැති
සුදු පිළිරූවලට පවා
ආදරේ දැනෙනවා,
ඒ ඔබ නිසාවෙනි
ඔබේ හඬ අමතකව ඇත.
ඔබේ කෙළිලොල් හඬ,
ඔබ දෑස් යුග පවා
මගෙ මතකයෙන් ඔබ්බෙනි
යම් සේද සුවඳ කුසුමට,
එනයින් ඇද බැඳ තබා ඇත මා
නොපැහැදිලි ඔබේ මතකය.
තුවාල වේදනාවෙන් දිවි හරිනෙමි.
ස්පර්ෂ කළෝතින් හෙම ඔබ
යළි සුව නොවන වේදනා දෙනු ඇති.
ඔබේ ඔය පහස
මා වටකරනවා නිරතුරු,
මලානික පහැ බිත්ති මත
එතී තරණය කරන වැල් මෙන්
ඔබෙ ආදරය අමතකයි මට.
එනමුදු සෑම බැල්මෙක
ඇස ගැහෙන හැම කවුලුවක් පාසා
ඇඳී ඇඳී පේන්නෙම
ඔව් ඒ ඔබේ රුවමයි
මත්කරන ගිම්හාන විලවුන්
වේදනා දෙවනවා
ඒ ඔබ නිසාවෙන්මය.
එහෙත් යළි ලුහුබඳින්නෙමි,
ආසාවන් අවුස්සන ක්ෂණික සංඥා,
උල්කාපාත - පතිතවන වස්තූන්..
Love ~ Pablo Neruda [Translated by: Prasad Nirosha Bandara]

















